සමහරක් පුද්ගලයින් තමාගේ රථ සමාගමෙන් මිලදී ගත් ආකාරයටම තබා ගැනීමට කැමති
වන නමුත් සමහර පුද්ගලයින් ඒවා වැඩිදියුණු කරගැනීමට කැමතිවේ. එවැනි පුද්ගලයින් හට තමාගේ
රථයේ පෙනුම වැඩිදියුණු කරගත හැකි ප්‍රධාන සමාගමක් ලෙස ලිබර්ටි වෝක් පෆෝමන්ස් සමාගම
හදුන්වාදිය හැක. 1996 වටරු කටො නැමති ජපන් ජාතියා විසින් ජපානයේදී ආරම්භ
කරන ලද මෙම සමාගම අද වන විට වාහන වැඩිදියුණු කිරීමේ ප්‍රමුඛතම සමාගමක් වේ.
ඔබගේ රථය ඔවුන්ගෙ වැඩපලට ගෙන ගොස් රථය අලුත්වැඩියා කර ගැනීමට මෙන්ම රථය
අලුත්වැඩියා කර ගැනීමට අවශ්‍ය කොටස් ඔබ වෙත ගෙන්වාගෙන එය ඔබටම සම්බන්න්ධ කර ගැනීමේ
හැකියාවද පවතී. මෙහිදී ඔබට ස්පොයිලරය,
ඉදිරිපස
සහ පිටුපස ඩිෆියුසර , ෆෙන්ඩර්ස් වැනි කොටස් ගණනාවක් ලැබෙන අතර
තමාගේ රථය අනුව සහ බොඩි කිට් මාදිලිය අනුව ඒවා වෙනස් වේ.
මොවුන් ලැම්බොගිනි, ෆෙරාරි, මැක්ලරන්,
පොර්ශේ,
මිට්සුබිෂි,
නිසාන්
සහ තවත් මෝටර් රථ නිශ්පාදන මාදිලි ගණනාවක් සදහා බොඩි කිට් නිර්මාණය කිරීම සිදුකරනු
ලබයි. එමෙන්ම සමහර මාදිලිවල රථ සදහා බොඩි කිට් වර්ග කිහිපයක්ම
දක්නට ලැබේ. උදාහරණ ලෙස ලැම්බොගිනි ඇවන්ටඩෝර් LP 700-4, ලැම්බොගිනි හුරකන්,
ෆෙරාරි
458, නිසාන් GTR වැනි රථ දැක්විය හැකිවේ.
මෙම සාමාගම විසින් නිර්මාණ කරන විශේෂ ලක්ෂණයක් ලෙස ඔවුන් නිර්මාණය කරනු
ලබන බොඩි කිට් බොහොමයක් රථයේ පළල වැඩිකරන (width body) අකාරයට නිර්මාණය කරනු ලැබූ ඒවා වේ.
එම කොටස්
බොහොමයක් නිර්මාණය කිරීමට කාබන් ෆයිබර් භාවිත කර තිබෙන අතර එම කොටස් නැවත වර්ණ ගැන්වීමටද
ඔබට සිදුවේ.
සමහරක් එම බොඩි කිට් දීර්ඝ කාලයක් තිස්සේ මේවන විටත් නිර්මණය කරනු ලබන
අතර සමහර අවස්ථාවලදී ඔවුන් සීමිත මාදිලි (Limited edition) ගණයට අයත් බොඩිටිද නිර්මාණය කරනු ලැබූ අතර
ඒවායේ මිල අනෙකුත් ඒවාට වඩා මදක් අධික විය. මෙම width body kit
fenders රථයට සම්බන්ධ කිරීමේදී රථයේ රථයේ දැනට ඇති
fenders වලින් කොටසක් රෝදය අතර පරතය වැඩිවන ලෙස කපා ඉවත් කල යුතුවේ.
මේවායේ මිල ගණන් මාදිලියෙන් මාදිලියට වෙනස් වන අතර සාමාන්‍ය ලැම්බොගිනි
ඇවන්ටඩෝ LP700-4 රථයකට අයත් බොඩි කිටයක් ආසන්න වශයෙන් ඇමරිකානු
ඩොලර් 50 000 (මෙරට බදුරහිතව ආසන්න වශයෙන් රු කෝටියක්) පමණ වේ.
එම බොඩි
කිට් සහ ඔවුන් විසින් විකිණීමට තිබෙන මෝටර් රථ සදහා පහත වෙබ් අඩවියට පිවිසෙන්න.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ඇතුළත් කරනු ලබන නව තොරතුරු
දැනගැනීම සදහා ප්‍රධාන පිටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare
Comments
Post a Comment