2015 වසරේදී හයිපර් කාර් ගණයට (මෙය මෙගා කාරයක්
ලෙසද සැලකිය හැක.) අයත් කොනිග්සෙග් ඇගීරා RS මාදිලිය ලොවට හදුන්වා දෙන ලදී.
මෙම
රථය හදුන්වා දෙන ලද්දේ සිලින්ඩර අටක්, ටර්බෝ චාජර දෙකකින් සමන්විත අශ්වබල 1160
නිපදවන
එන්ජිමක් සහිතව වේ. නමුත් මද කලකට පසුව කොනිග්සෙග් සමාගම විසින් ඇගීරා
RS රථ හිමිකරුවන්ට
අමතර මුදලක් ගෙවා රථය තවත් බලසම්පන්න කරගත හැකි වන පැකේජයක් ලෙස 1
to 1 පැකේජය හදුන්වා දෙන ලදී. මෙහි 1 to 1 යන්නෙන් අදහස් කරනු ලබන්නේ රථයේ අශ්වබල
ගණන මෙන්ම රථයේ ස්කන්ධයද එකම අගයක් ගන්න බවයි.
මෙමගින් රථයේ සම්පූර්ණ අශ්වබල සංඛ්‍යාව 1360 දක්වා ඉහළ දැමීමට කොනිග්සෙග් සමාගම විසින්
කටයුතු කර තිබේ. මෙම 1 to 1 පැකේජය සහිත කැලිෆෝනියා ප්‍රාන්තයේ පදිංචිකරුවෙකු
විසින් 2017 වසරේදී ගිනස් ලෝක වාර්තාව තැබීමට තමාගේ රථය ලබා දෙන ලදී. එහිදී එම රථය
මගින් 0 – 400kmh- 0ක වාර්තාව තත්ත්පර 33.87කින් සටහන් කරන ලදී.
එමෙන්ම
එම එහිදී රථ 285.8mph ක උපරිම වේගයක් ලබා ගැනීමට සමත්වූ අතර රථයේ සාමාන්‍ය
වේගය ලෙස සටහන් වූයේ 277.9mph කි.
මෙම මාදිලියෙන් රථ 25ක් පමණක් මුළු ලොවටම නිර්මාණය
කිරීමට කොනිග්සෙග් සමාගම සමාගම විසින් කටයුතු කර අතර ඉන් සමහර රථ සදහා විශේෂ නම් මෙන්ම
විශේෂ කොටස් අන්තර්ගත කිරීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කරන ලදී.
මෙම
රථයටද වැඩි වායු තෙරපුමක් ඇති කිරීම සදහා වින්ග්ලට්ස් මෙන්ම
ලූවර්ස්
සහ රූෆ් ස්කූපයක්ද අන්තර්ගත කර තිබෙනු දක්නට ලැබේ.
මෙම රථයේ දොරවල් සදහාද භාවිත කොනිග්සෙග් රථවලට ආවේණික හයිඩ්‍රොලොක් තාක්ෂණය
සහිත දොරවල් වේ. රථයේ ඇතුලත සැලකූ විට රියදුරු සහ මගී අසුන්
අතරට වන්නට පිහිටි පාලක පුවරුව ඉතා වැදගත්වේ. මෙහි ඉහළින්ම ස්පර්ශ සංවේදී තිරයක් දක්නට
ලැබෙන අතර ඊට පහළින් වෘත්තාකාර හැඩති ස්විච 3ක් සහ ඊටත් පහලට වන්නට ස්විච ගණනාවකින්
සමන්විත කොටසක් දැකගත හැකි වේ. එහි වටේට වන්නට පිහිටි ස්විච මගින් රථයේ
දොරවල් ලොක් කිරීම, දොරේ වීදුරු ඉහතට,
පහතට
කිරීම වැනි කරුනු සදහා භාවිතාවන අතර ඒවාට මැදි වන්නට රථය පණගැන්වීමේ බොත්තම පිහිටා
තිබේ. මෙහි ස්පර්ශ සංවේදී තිරය සැලකූ විට එමගින් රථයේ
වයුසමන පද්ධතිය පාලනය කිරීම. රථයේ අසුන්වල උෂ්ණත්වය පාලනය කිරීම,
අසුන්
චලනය කිරීම, පැති කන්ණාඩි චලනය කිරීම, රථයේ ධාවන ආකාරය තෝරා ගැනීම වැනි කරුණු
ගණනාවක් සදහා භාවිත කල හැක.
මෙම රථයේ තෙත්/හිම , සාමාන්‍ය, ධාවන පථ (Wet/snow , Normal
, Race track) ආකාරයේ ධාවන ආකාර 3ක් දක්නට ලැබේ. මෙම රථයට රෝඩ්ස්ටර් හෝ ස්පයිඩර් යන නාමයක්
නොයෙදුනද මෙම රථයේ වහළය ඉවත් කිරීමේ හැකියාව පවතින අතර ඒ සදහා රථයේ ඇතුලතින් පිහිටි
අගුල් ඉවත් කල යුතු වේ. එලෙස ඉවත් කරනු ලැබූ වහළය රථයේ ඉදිරිපස ට්‍රන්කය
(Front trunk) ගබඩා කිරීමේ හැකියාවද පවතී.
මෙම රථයේ වින්ඩ්ස්ක්‍රීනයද අනෙකුත් කොනිග්සෙග්
මාදිලිවල මෙන් වක්‍රාකාරව නිර්මාණය කර තිබෙන අතර අනතුරකදී එය බිදදැමීම සදහා අවශ්‍ය
හදිසි මිටියක්ද (Emergency hammer) මෙම රථයේ දොර පද්ධති සදහා හයිඩ්‍රොලොක්
තාක්ෂණය භාවිත කරන්න සේම රථයේ ස්පොයිලරය සදහාද හයිඩ්‍රොලික් තාක්ෂණය භාවිතා කර තිබේ.
මෙහි ක්‍රියාකාරිත්වය රථයේ ධාවන වේගය අනුව ස්වයංක්‍රීයව සිදුවන අතර එහි පාලන රියදුරුට
අවශ්‍ය පරිදි සිදු කිරීමේ හැකියාවක් නොමැත.
මින් RS1, ෆීනික්ස් ඇතුළු රථ ගණනාවක්ම ඇමරිකා එක්සත් ජනපදයේ දක්නට ලැබෙන අතර
තවත් රථ කිහිපයක් මැද පෙරදිග සහ යුරෝපයේ දැක ගැනීමේ හැකියාව
පවතී. මෙම රථය හදුන්වා දුන් අවස්ථවේදී රථයේ මිල ආසන්න
වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 2 කට් (මෙරට බදු රහිතව රුපියල් කෝටි 40
කට)
ආසන්නවූ අතර මෙම මාදිලියේ රථයක් මගින් ගිනස් ලෝක වාර්ථාවක් තැබීම ,
සීමිත
රථ ගණනක් නිර්මාණය කිරීම වැනි කාරණා හේතු කොට මෙම මාදිලියේ රථයක මිල කිහිප ගුණයකින්
ඉහළ ගොස් තිබේ.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment