මැක්ලරන් සේබර්. ඇමරිකානුවන්ට පමණක් මිලදී ගත හැකිවූ රථ 15ක් පමණක් නිපදවනු ලැබූ මැක්ලරන් රථය. (Mclaren sabre in sinhala)

                                                                       


 

2020 වසරේදී මැක්ලරන් සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ සේබර් මාදිලිය සිලින්ඩර 8 ක්, ටර්බෝ චාජර 2ක් සහිත එන්ජිමකින් සමන්විතවන අතර එමගින් අශ්වබල 824ක් නිපදවනු ලැබේ. මැක්ලරන් සමාගම විසින් සීමිත මාදිලියක් ලෙසට හදුන්වා දෙනු ලැබූ සේබර් මාදිලියෙන් රථ 15ක් පමණක් නිපදවීමට මැක්ලරන් සමාගම කටයුතු කල අතර එම රථ සියල්ලම මිලදී ගැනීමට හැකියාව ලැබුනේ ඇමරිකාවේ සිටි පාරිභෝගිකයන් හට පමණි.

                                                                             


බොහොමයක් මැක්ලරන් මාදිලිවල බාහිර පෙනුම මදක් සමාන බවක් දක්නට ලැබෙනමුත් මෙම රථයේ පෙනුම එම මාදිලි වලට වඩා සම්පූර්ණයෙන්ම වෙනස්වන පරිදි නිර්මාණය කිරීමට මැක්ලරන් සමාගම  කටයුතු කර තිබෙනු දක්නට ලැබේ. මෙම රථයේ කැපීපෙනෙන අංගය ලෙස මෙහි ස්පොයිලරය (Wing , Spoiler) දැක්විය හැක. පෙනුමින් මදක් බුගාටි බොලීඩ් රථයේ ස්පොයිලරයට සමානතාවයක් පෙන්නුම් කරන අතර බොලීඩ්, විෂන් ග්‍රෑන්ඩ් ‍ටුරිස්මෝ මෙන්ම ඩීවෝ රථවලද දක්නට ලැබෙන ආකාරයේ වහලයේ මැද සිට ස්පොයිලරයේ මැදට සම්බන්ද වන පැනලයක් දක්නට ලැබේ.

 

මෙම රථයේ තිරිංග ලාම්පුද ස්පොයිලරයටම සවි කිරීමට මැක්ලරන් සමාගම කටයුතු කර තිබෙන අතර ඒවා ස්පොයිලරයේ දෙපසට වන්නට සිරස්ව සම්බන්ධ කර තිබේ. රථයට වැඩි වායු ගතිකයක් ඇති කිරීම සදහා ප්‍රමාණයෙන් විශාල පි‍ටුපස ඩි‍ෆියුසරයක් අන්තර්ගත කර තිබෙනමුත් එය රථයේ සම්පූර්ණ පළල තෙක්ම අන්තර්ගත නොවේ.

                                                                       


මෙම රථයටද භාවිත කර තිබෙන්නේද Butterfly style ආකාරයේ දොරවල් වන අතර ඒවායේ වීදුරුද අර්ධ වශයෙන් විවෘත කල හැකි ඒවා වේ. මෙම මාදිලියේ ඇතුළත සැලකූ විට එය මද වශයෙන් මැක්ලරන් සෙනා මාදිලියට සමාන බවක් දැකගත හැකිවේ. මෙම රථයේද පණගැන්වීමේ සහ විසන්ධි කිරිමේ බොත්තම රථයේ වහළයේ මැදට වන්නට පිහිටා තිබෙන අතර ඊට දකුණු පසින් දොරවල් අගුලු (Lock) දැමීමේ බොත්තම , වම් පසින් වයුසමනය ක්‍රියා කරවීමේ බොත්තම සහ ඊට ඉහළට වන්නට රථය තරග (Race mode) ආකාරයට පත්කිරීමේ බොත්තම්ද අන්තරගත කර තිබේ.

                                                               


මෙම රථයේද සෙනා රථයේ ප්‍රධාන පාලක තිරයට හැඩයෙන් මෙන්ම ප්‍රමාණයෙන් සමාන පාලක තිරයක් දක්නට ලැබේ. මෙම රථයේ ධාවන ආකාර තේරීමේදී  Power train සහ Handling ලෙස කරකැවිය හැකි ස්විච දෙකක් දැකිය හැකි අතර ඒව සාමාන්‍ය , ක්‍රීඩා , ධාවන පථ ආකාරය වෙනමම වර්ග කර ඇත. එය ක්‍රියාත්මක කිරීමට පෙර  Active ලෙස නම් කර ඇති බොත්ත්ම එබීම අනිවාර්ය්‍ය වේ.

                                                                       


සේබර් රථයේ වේගමාපකයද 720s රථයේ දක්නට ලැබුනු වේගමාපකය වේ. මෙය රථය පණගැන්වීමේදී සිරස්වන රථය විසන්ධි කිරීමේදී හැකිලෙන ආකාරයේ එකක් වේ. රථයේ ධාවන ආකාරය රේස් (වහලයේ පිහිටා ඇති) ආකාරයට පත් කලවිට වේගමාපකය හැකිලී එහි වූ කුඩාතිරයෙන් අවශ්‍යම කරුණු දක්වන අතර රථය සහ පොළොව අතර පරතරයද අඩු කර ගනිනු ලබයි.

 

මෙම රථයේ මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන 3.5 ක් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රුපියල් කෝටි 70ක් ) පමණ වන බව සදහන් වන අතර මෙය ඉතාමත් සීමිත රථ ගණනක් පමණක් නිපදවනු ලැබූ මාදිලියක් බැවින් ඉදිරියේදී මෙම රථයේ මිල වඩා වැඩිවනු ඇතැයි අපේක්ෂා කල හැක.

 

මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

 

Comments