පෝර්ශේ ටයිකෝන් සැලූන් ස්පොර්ට් මාදිලි (Porsche taycan sport saloon models).

        

                                                                    



ඉලෙක්ට්‍රික් මෝටර් රථ ගැන කථා කරන විට බොහෝ දෙනාගේ සිහියට නැගෙන්නේ ටෙස්ලා සමාගම වේ. ටෙස්ලා මෝටර් රථ වසර ගණනාවක් තිස්සේ ඉලෙක්ට්‍රික් රථ වල ඉහළින්ම් පැවති මෝටර් රථවේ. ටෙස්ලා සමාගමට තරගයක් ලබාදීම සදහා පෝර්ශේ සමාගම විසින් ටයිකෝන් මාදිලිය හදුන්වා දෙන ලදී.

 

2015 වසරේදී පෝර්ශේ සමාගම විසින් සංකල්පයක් (consept) ලෙසට මෙම ටයිකෝන් මාදිලිය හදුන්වා දුන් අතර 2020 වසරේදී පාරිභෝගිකයන් හට රථ මිලදී ගැනීමේ හැකියාවද ලබාදෙන ලදී.


සැලකිය යුතුයි. මෙහි අන්තර්ගත වන්නේ porsche taycan sport saloon මාදිලිය ගැන පමණක් වේ. porsche taycan sport turismo සහ porsche taycan cross turismo මාදිලි ගැන ඉදිරියේදී සදහන් කරනු ලැබේ. එමෙන්ම මෙහි සදහන් කර තිබෙන දත්ත performance battery ඇති අගයන් වන අතර අමතර මුදලක් ගෙවා මෙම  සමහර රථවලට performance battery plus වැනි අංග අන්තරගත කර ගත හැකි අතර එමගින් පහත අගයන් වෙනස් වීම සිදුවේ. 

 

 1 පෝර්ශේ ටයිකෝන් (Porsche taycan)

                                                        


ටයිකෝන් මාදිලිය යටතේ නිපදවනු ලැබූ ආරම්භක අවස්ථාවේ පවතින රථය ලෙසට මෙම රථය සැලකිය හැක. මෙම මාදිලිය 408PSක බලයකින් සමන්විතවන අතර 0 සිට 100kmh ක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 5.4ක් ලෙසටද සදහන් වේ. මෙම මාදිලියේ උපරිම වේගය 240KMH වන අතර එක් වරක් සම්පූර්ණ ආරෝපණයකින් 350km ත් 450km ත් අතර දුරක් ගමන් කල හැකි බවද සදහන් වේ.

 

2 පෝර්ශේ ටයිකෝන් 4S (Porsche taycan 4S)

                                                        
                                 

මෙම මාදිලියට ටයිකෝන් මාදිලියට වඩා කිලෝවොට් 80ක් පමණ වැඩිකොට රථයේ බලය 530PS අගයක් ලෙසට නිර්මාණය කර තිබෙන අතර මෙම මාදිලියට 0 සිත 100kmh ක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 4ක් පමණි. මෙම මාදිලියේ උපරිම වේගයද 250kmh දක්වා ඉහළ දමා තිබෙන අතර එක් සම්පූර්ණ ආරෝපණයකින් ගමන් කල හැකි දුර 335kmත් 466km ලෙස දක්වා තිබේ.

 

3 පෝර්ශේ ටයිකෝන් GTS (Porsche taycan GTS)


මෙම රථය පෝර්ශේ ටයිකෝන් sloon sport මාදිලිය යටතේ හදුන්වා දෙනු ලැබූ නව මාදිලියක් වේ. මෙම රථයේ බලය කිලෝවොට් 598PS දක්වා වැඩි කර තිබෙන අතර  රථය 0 සිට 100kmh ක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 3.7 දක්වා අඩු කිරීමට පෝර්ශේ සමාගම ව්සින් කටයුතු කර තිබේ. මෙම මාදිලියේද උපරිම වේගයද 250kmh ලෙසට සදහන් වන අතර එක් සම්පූර්ණ ආරෝපණය කින් ගමන් ගත හැකි දුර 500km ට වඩා වැඩි අගයක් ලෙසටද සදහන් වේ.

 

4 පෝර්ශේ ටයිකෝන් ටර්බෝ (Porsche taycan turbo)

                                                           


පෝර්ශේ ටයිකෝන් සැලූන් ස්පොර්ට් මාදිලිය යටතේ දෙවනුවට වඩාත් බලසම්පන්නම මාදිලිය වන්නේ ටයිකෝන් ටර්බෝ මාදිලියවේ.  680 PS ක බලයකින් යුක්ත මෙම මාදිලියට 0 සිට 100kmhක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 3.2කි. මෙම රථයේ උපරිම වේගය 260kmhක් වන අතර එක් ආරෝපණයකින් ගමන් කල හැකි දුර 500km ට වඩා අඩු අගයක් ගනී.

 

5 පෝර්ශේ ටයිකෝන් ටර්බෝ S (Porsche taycan turbo S)

                                                         


       

ටයිකෝන් සැලූන් ස්පොර්ට් මාදිලිය යටතේ නිපදවනු ලැබූ වඩාත් බලසම්පන්නම මාදිලිය වන්නේ ටයිකෝන් ටර්බෝ S මාදිලියවේ. මෙම මාදිලියේ රථයක් 761PSක බලයකින් සමන්විතවන අතර 0 සිට 100kmhක වේගයක් ලබා ගැනීම සදහා ගතවන කාලය තත්ත්පර 2.8ක් පමණක් වේ. මෙම මාදිලියද එක් ආරෝපණයක් ගමන් කල හැකි දුර 500km ට වඩා අඩු අගයක් ගන්න අතර රථයේ උපරිම වේගය 260kmhක්ම වේ.

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253


Instagram   https://www.instagram.com/supercarwisthare/                                                

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

 

 

 

Comments