කොනිග්සෙග් සමාගම විසින් තැබූ ලෝක වාර්තා (World records by Koenigsegg).


                                             අද සටහනෙන් ඔබ වෙත ගෙන එන්නේ කොනිග්සෙග් සමාගම විසින් තමාගේ මෝටර් රථ මාදිලි භාවිතයෙන් තබනු ලැබූ ලෝක වාර්තා වේ. මෙහි ඔවුන්ගේ උපරිම වේග මෙන්ම ලොව බලසම්පන්නම මෝටර් රථ නිපදවීමෙන්ම් දිනූ ජයග්‍රහණ වලට අදාළ කරුණු සදහන් වේ. 

Koenigsegg CC8S

                                              


2002 වසරේදී ගිනස් ලෝක වාර්ථාව මගින් කොනිග්සෙග් සමාගම විසින් නිර්මාණය කරනු ලැබූ CC8S මාදිලිය ලොව එවකට වඩාත බල සම්පන්නම එන්ජිමක් සහිත රථ ය ලෙස නම්කරන ලද අතර එය අශ්වබල 655කින් සමන්විත විය.

 

Koenigsegg CCR

                                                         

ඉන් දෙවසරකට පසු එනම් 2004 වසරේදී අශ්වබල 806 සහිත කොනිග්සෙග් CCR රථය ලොව වඩාත් බලසම්පන්න රථයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමිකර ගන්න ලදී.

 

Koenigsegg CCR      

 

2005 වසරේදී කොනිග්සෙග් CCR රථය භාවිතයෙන් 387.86kmh ක වේගයක් වාර්තා කරමින් එවකට ලොව වේගවත්ම මෝටර් රථයට හිමි ගිනස් ලෝක වාර්තාව හිමි කරගන්නා ලදි. ඒ 1998දී 386.4kmh ක වේගයක් වාර්තා කර ලොව වේගවත්ම මෝටර් රථය ලෙස කිරුළු පලදා සිටි මැක්ලරන් F1 රථය අභිබවමින් වේ.


Koenigsegg CCX

                                           


     

තෙවසරකට පසු කොනිග්සෙග් රථය යොදා ගනිමින් 0-300-0kmh ක වේගයක්  ලබා ගැනීම ඔස්සේ වාර්ථා වක් තබන ලදී. ඒ 0-300-0kmh තත්ත්පර 29.2 තුළ සම්පූර්ණ කිරීමෙන් වේ.        

 

Koenigsegg Ageara R      

                                           

2011 වසරේදී කොනිග්සෙග් ඇගීර R රථයක් භාවිතයෙන් තත්ත්පර 21.19 තුළ 0-300-0kmh ක වාර්තාවක් තැබීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කරන ලදී.

 

Koenigsegg One:1

                                                            


2014 වසරේදී නිර්මාණය කරනු ලැබූ කොනිග්සෙග් one:1 මාදිලිය භාවිතයෙන් 2015 වසරේදී තවත් ලෝක වාර්තාවක් තබන ලදී. ඒ 0-300-0kmh ක වේගයක් තත්ත්පර  17.95 තුළ වාර්ථා කරමින්.

 

Koenigsegg Ageara RS    

                                           


2017 වසරේදී කොනිග්සෙග සමාගම විසින් ඇගීරා RS රථයක් භාවිතයෙන්  447.19kmh ක සාමාන්‍ය වේගයක් ලබා ගනිමින් ලොව වේගවත්ම මෝටර් රථය ලෙසට වාර්ථාව තැබූ අතරම 0-400-0kmh වාර්තාව තත්ත්පර 33.29කින් ස්ම්පූර්ණ කොට එම වර්තාවද හිමිකර ගත් අතර පොදු මාර්ගයකදී ලබාගත් උපරිම් වේගය ලෙස 457.94kmhක වේගයක් ලබා ගනිමින්ද වාර්තාවක් තබන ලදී.

 

Koenigsegg Regera

                                                   


 

හයිබ්‍රිඩ් තාක්ෂණය සහිත කොනිග්සෙග් රෙගේරා  රථයක් භාවිතයෙන් 2019 වසරේදී 0-400-0kmh ක වේගයක් තත්ත්පර 31.49කින් වාර්තා කිරීමට හැකියාව ලැබුණි.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

 

 

 

Comments