1 . බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් විටෙස්ට් ජීන් පියර්රේ විමීල් සංස්කරණය. (Bugatti Veyron grand sport vittest “jean-pierre wimille” edition)
2013 වසරේ ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේ පෙබල් බීච් හිදී මෙම මාදිලිය පළමු වරට එළිදක්වන ලදී. මෙම මාදිලිය බුගාටි සමාගම විසින් පුරාවෘත්ත ආකෘති (Legend edition) යටතේ නිපදවනු ලැබූ පළමුවන රථය වන මාදිලිය වන අතර මෙය නිර්මාණය කර ගැනීමට පාදක කර ගෙන තිබෙනුයේ 1937 වසරේදී හදුන්වා දෙනු ලැබූ බුගාටි ටයිප් 57G ටැන්ක් (Bugatti type 57G tank) රථය වේ.
2 . බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් විටෙස්ට් ජීන් බුගාටි. (Bugatti Veyron grand sport vittest jean Bugatti edition).
2013 වසරේදීම ජර්මනියේ ෆ්‍රෑන්ක්ෆර්ට් හිදී බුගාටි සමාගම විසින් තමාගේ දෙවන
legend edition රථය ලෙස ජීන් බුගාටි රථය හදුන්වා දෙන ලදී. මෙම රථය නිර්මාණය කිරීමට තේමා කර ගනු ලැබ
තිබෙන්නේ 1939දී මෝටර් රථ අනතුරකින් මියගිය බුගාටි සමාගමේ නිර්මාතෘ වන එටෝරි බුගාටිගේ
වැඩිමහල් පුත්‍රයා වන ජීන් බුගාටි සිහිපත් කිරීම සදහා වේ.
එමෙන්ම බුගාටි ටයිප් 57 ඇට්ලෑන්ටික්
(Bugatti type 57sc atlantic) මාදිලියද ඔහුගේ නිර්මාණයන් වේ. එම මාදිලිය යටතේ
රථ 4ක් නිර්මාණය කරනු ලැබූවත් දෙවන ලෝක යුධ සමයේදී එම රථ 4න් ඔහුගේ ප්‍රියතම රථය වූ ලා වචුවන් නෝආර්
(La voiture noire ) රථය අතුරුදන් විය. මෙම බුගාටි වෙයිරෝන්
ජීම් බුගාටි මාදිලිය මගින් එම රථය පිළිඹිබු කිරීමටද බුගාටි සමාගම විසින් කටයුතු කර
තිබුණි.
3 . බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් විටෙස්ට් මියො කොස්ටන්ටිනි.(Bugatti veyron grand sport vittest MEO costantini).
බුගාටි සමාගම විසින් තමාගේ තුන්වන පුරාවෘත්ත සංස්කරණය ලෙස හදුන්වා දෙනු ලැබුවේ meo කොස්ටන්ටිනි මාදිලිය වේ. මෙම මාදිලිය 2013 නොවැම්බර් මාසයේ ඩුබායිහිදී ලොවට එලිදක්වන ලදී. මෙම රථය නිර්මාණය කර තිබෙන්නේ meo costantini හට ගරු කිරීමක් වශයෙනි.
මොහු එටෝරි බුගාටිගේ මිත්‍රයෙකු වූ අතර බුගාටි සමාගමේ ප්‍රධානියෙක්ද විය.
එමෙන්ම මොහු බුගාටි සමාගම වෙනුවෙන් ධාවන තරග සදහා සම්බන්ධව ඇති අතර එම කාලවකවානුව බුගාටි
රථවල ධාවන තරග වල සාර්ථකත්වය ඉහළින්ම රදවා තබා ගන්නා ලදී.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment