බුගාටි වෙයිරෝන් මාදිලියේ සීමිත මාදිලි රථ 1 කොටස. (Bugatti Veyron limited editions part 1 in sinhala).
1 බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පෝර්ට් Berner venet (Bugatti Veyron grand sport Berner venet).
Berner venet යනු ප්‍රංශ ජාතික කලාකරුවෙකු වේ.
මොහු
කලා කෘතිවලට අමතරව ගණිතමය කටයුතු පිළිබදවද උනන්දුවක් දක්වන්නෙක් වනු අතර
මොහු
බුගාටි වෙයිරෝන් රථවල එන්ජිම සම්බන්ද ගණිතකර්ම සිදුකල බවද සදහන් වේ.
ඔහුගේ
උපකාරය ලබා ගෙන බුගාටි සමාගම විසින් මෙම බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පොර්ට් බර්නර්
වෙනට් සංස්කරණය හදුන්වා දීමට බුගාටි සමාගම විසින් කටයුතු කරන ලදී.
2 බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පෝර්ට් L’or
Blanc (Bugatti Veyron grand sport L’or Blanc).
මෙම රථයේ විශේෂත්වය වන්නේ බුගාටි සමාගම විසින් මෙහි පිටත
(Exterior) සහ ඇතුළත
(Interior) සමහර කොටස් නිර්මාණය කිරීම සදහා උසස් තත්ත්වයේ පෝසිලේන් භාවිත කර තිබීමයි.
මේ සදහා
බුගාටි සමාගම ජර්මනියේ බර්ලින්හි පිහිටි රෝයල් පෝසිලේන් සමාගම සම්බන්ධ කර ගනු ලැබිණි.
එමෙන්ම
මෙම රථය සදහාද රැම්බ්‍රන්ට් බුගාටි විසින් නිර්මාණය කරනු ලැබූ නර්තනයේ යෙදෙන අලියාගේ
රුව ඇතුළත් කිරීමට බුගාටි සමාගම විසින් කටයුතු කර තිබෙනු දක්නට ලැබේ.
බුගාටි වෙයිරෝන් රැම්බ්‍රම්ට් බුගාටි සංස්කරණය ගැන කියවන්න.
3 බුගාටි වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පෝර්ට් sang
bleu (Bugatti Veyron grand sport sang bleu).
2009 වසර වන විට 1909 වසරේදී ආරම්භ කරන ලද බුගාටි සමාගමට සියවසක්
සැපිරීම නිමිත්තෙන් මෙම මාදිලිය හදුන්වා දෙන ලදී. මෙහි sang
bleu යන්න නිල් ලේ නැතිනම් නිල් රුධිරය යන්න අර්ථවත් කරනු ලබන අතර මෙම රථය
වර්ණ ගැන්වීමේදීද බොහොමයක් බුගාටි රථවල දක්නට ලැබෙන පරිදි වර්ණ දෙකක් (Two-tone)සහිතව නිර්මාණය කිරීමට බුගාටි සමාගම විසින්
කටයුතු කර තිබේ. බුගාටි සමාගම සදහන් මෙහි බාහිර පෘෂ්ටය
(Surface) අමුද්‍රව්‍ය 2ක් භාවිතයෙන් නිර්මාණය කර ඇති අතර ඒ සදහා
කාබන් ෆයිබර් සහ ඇලුමිනියම් යොදා ගෙන තිබේ.
3 බුගාටි වෙයිරෝන් 16.4 Villa d’Este (Bugatti
Veyron 16.4 s Villa d’Este).
2009 වසරේදීම සැප්තැම්බර් මස බුගාටි සමාගම විසින් මෙම මාදිලිය හදුන්වා
දෙනු ලැබූවේ තමාගේ ශත වර්ෂ සැමරුමට අමතරව අතීතයේදී ටයිප් 35 රථ භාවිතයේ ධාවන තරග වලදී
බුගාටි සමාගම ලැබූ ජයග්‍රහණ සැමරීම සදහාද වේ. මෙම රථ වර්ණගැන්වීම කර තිබෙන්නේ ද අතීතයේදී
ධාවන තරග සදහා සම්බන්ධ වීමේදී රථවල් භාවිත කර වර්ණ වලට අදාළවම වන පරිදි වේ. මෙහි නිල්
පැහැති රථය ප්‍රංශය්ද , රතු පැහැති රථය ඉතාලියද,
කොල
පැහති රථය මහා බ්‍රිතාන්‍යද (එංගලන්තය) සහ සුදු හැති රථය ජර්මනියද නිරූපණය කරනු ලැබේ.
මෙම
රථ රටවල් වලට අදාළව නම් කිරීමට අමතරව අතීත ධාවකයින් වෙනුවෙන් නම් කිරීමටද බුගාටි සමාගම
විසින් කටයුතු කරන ලදී. නිල් පැහැති රථය Jean-Pierre
Wimille සදහාද රතු පැහැති රථය
Achille Varzi සදහාද කොල පැහැති රථය
Malcolm Campbell සදහාද සුදු පැහැති රථය Hermann
zu Leiningen සදහාද නම් කරන ලදී.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment