බුගාටි වෙයිරෝන් මාදිලියේ පුරාවෘත්ත සංස්කරණ (2 කොටස). (Bugatti Veyron legend editions) (Part 2)

බුගාටි ව්යිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට් ‍රැම්බ්‍රන්ඩ් බුගාටි. (Bugatti Veyron grand sport vitteste rembrand bugatti).

                                                       


 

මෙම මාදිලිය ලොවට හදුන්වා දීම සදහා ක්‍රියා කරනු ලැබුවේ 2014 වසරේ ස්විස්ටර්ලන්තයේ ජිනීවා මෝටරථ ප්‍රදර්ශනයේදී. මුර්ති නිර්මාණ ශිල්පියෙකු වූ එටෝරි බුගාටිගේ සහෝදරයා වන ‍රැම්බ්‍රන්ඩ්ට් බුගාටි සිහිවීමට මෙම මාදිලිය නිර්මාණය කර තිබේ.

මොහු ප්‍රධාන වශයෙන්ම නිර්මාණය සත්ත්වයින් සම්බන්ධ මුර්ති නිර්මාණය කිරීමට වඩා ප්‍රසිද්ධියක් දක්වන අතර ඒ අතරින් ඔහු විසින් නිර්මාණය කරනු ලැබූ නර්තනයක යෙදෙන අලියෙකුගේ මූර්තිය ඉන් ප්‍රධාන ස්ථානයක් හිමිකර ගනී. මෙම නර්තනයේ යෙදෙන අලියාගේ රූපය මීට පෙර බුගාටි ටයිප් 41 රථයටද භාවිත කල අතර ඉන්පසු බුගාටි සමාගමේ පුරාවෘත්ත සංස්කරණයේ හතර වන මාදිලිය වන ‍රැම්බ්‍රන්ඩ්ට් රථ සදහාද භාවිත කරන ලදී.

 

බුගාටි ව්යිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට් බ්ලැක් බ්ලෙස්. (Bugatti Veyron grand sport vitteste black bless).

                                                           


රොලන්ඩ් ගාරොස් යනු ගුවන් නියමුවෙක් වේ. මොහු ගුවන් යානා ධාවන ශූරයෙකු වූ අතර තරග ගණනාවක්ද ජයගෙනෙ තිබේ. එම අවධියේම එටෝටි බුගාටි විසින් හි ජයග්‍රහණය ටයිප් 18 මාදිලියට අදාළ රථයකින් ලැබූ අතර එබැවින් රොලන්ඩ් විසින් එවකට ලොව පැවති ලොව වේගවත්ම රථයක් වන ටයිප් 18 රථයක් ධාවනයට ‍තෝරාගන්න ලදී.

 

මෙම රථයේ අශ්වලාඩම් හැඩති ග්‍රිල් එකේ දාරය (Horse shoe grill frame) වැනි කොටස් නිර්මාණය කිරීමට රත්තරන් භාවිත කර තිබෙන අතර ටයිප් 18 රථයක රූප මෙන්ම රෝලන්ඩ් විසින් ධාවනය කල ගුවන්යානයේ රූපද රථයේ ඇතුළත (Interior) අන්තර්ගත කිරීමට බුගාටි සමාගම් විසින් කටයුතු කර තිබේ.

 

බුගාටි ව්යිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට් එටෝරි බුගාටි. (Bugatti Veyron grand sport vitteste Ettore bugatti).

                                                                     


2014 අගෝස්තු මසදී ඇමරිකාවේ කැලිෆොර්නියා ප්‍රාන්තයේ පැවති මොන්ටරේ කාර් සතියෙදී බුගාටි සමාගම විසින් තමාගේ හය වන පුරාවෘත්ත සංස්කරනය ලෙස එටෝරි බුගාටි මාදිලිය හදුන්වා දෙන ලදී.

මෙම රථය නිර්මාණය කර තිබෙන්නේ බුගාටි සමාගමේ නිර්මාතෘවන එටෝරි බුගාටිට ගරු කිරීමක් වශයෙනි.

කලාවට සම්බන්ධ පවුල් පසුබිමකින් පැවති ඔහු තමාගේ අදහස් සමග එක්කොට ලොව වඩාත් වැදගත්, වටිනා මෝටර් රථ සන්නාමයක් බවට පත් කිරීමට ඔහු සිදු කල ක්‍රියා කලාපය ගරු කිරීමක් මෙම ගින් පිළිඹිබු කිරීමට බුගාටි සමාගම් විසින් කටයුතු කර තිබේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253


Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7


Comments