බුගාටි වෙයිරෝන් මාදිලියේ සීමිත මාදිලි රථ 2 කොටස. (Bugatti Veyron limited editions part 2 in sinhala).

 1 බුගාටි වෙයිරෝන් Bleu Centenaire (Bugatti Veyron Bleu Centenaire).

                                                  


මෙම මාදිලියද බුගාටි සමාගමේ සියවස් සැමරුම වෙනුවෙන් හදුන්වා දෙනු ලැබූ මාදිලියක් වේ. මෙම රථය වර්ණ ගැන්වීම ගැන සැලකීමේදී බුගාටි සමාගම විසින් sprint blue වර්ණය matte (රළු ආකාරයට වර්ණ ගැන්වීමක්) සහ Gloss (දිදුලන සිනිදු ආකාරයට වර්ණ ගැන්වීම) ආකාර දෙකකට (Two tone) වර්ණ ගැන්වීම සිදුකර තිබෙන අතර බුගාටි සමාගම විසින් මෙම රථයේ එන්ජින් ආවරණයද නිල් පැහැයෙන් වර්ණ ගැන්වීමට කටයුතු කර තිබේ.

 

2 බුගාටි වෙයිරෝන් Fbg Par Hermès (Bugatti Veyron Fbg Par Hermès)

                                               


බුගාටි සමාගම විසින් මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබූවේ ප්‍රංශයේ luxury සන්නමයක් වන හර්මස් සමාගම සමග සහයෝගයෙන් වේ. මෙම මාදිලිය යටතේ වෙයිරෝන් 16.4 රථ 4ක් සහ වෙයිරෝන් ග්‍රෑන්ඩ් ස්පෝර්ට් එක් රථයක් නිර්මාණය කරන ලද බව බුගාටි සමාගම විසින් සදහන් කරන ලදී. මෙම මාදිලියේ fbg යනු faubourg (ෆැබජේ) යන්න දැක්වීම සදහා වන අතර එම නාමය හර්මශි ප්‍රධාන වෙළදසැල පිහිටි ස්ථානයට භාවිතා වන නාමයක් වේ.

 

3 බුගාටි වෙයිරෝන් Sang Noir (Bugatti Veyron Sang Noir).

                                                               


   

මෙම sang noir මාදිලිය නිර්මාණය කිරීම සදහාද බුගාටි සමාගම විසින් තේමා කර ගනු ලැබුවේ පැරණි බුගාටි මාදිලියක් වන ටයිප් 57 ඇට්ලෑන්ටික මාදිලිය වේ. බුගාටි සමාගම සදහන් කරන පරිදි මෙම සෑන්ග් නොඅර් මාදිලිය යටතේ බුගාටි වෙයිරෝන් 16.4 රථ 12ක් පමණක් නිර්මාණය කරන ලදී.

 

4 බුගාටි වෙයිරෝන් Pur Sang(Bugatti Veyron Pur Sang).

                                                               


2007 වසරේදී බුගාටි සමාගම විසින් මෙම මාදිලිය හදුන්වා දෙනු ලැබූ අතර එම මාදිලිය රථ 5ක් පමනක් නිර්මාණය කිරීමට කටයුතු කරන ලදී. මෙම රථයේ පිටත (Exterior) අකාර දෙකකට (Two-tone) දැක්වීම තේමා කර ගනිමින් chrome සහ කාබන් ෆයිබර් භාවිතා කර මෙය නිර්මාණ කිරීම සදහා බුගාටි සමාගම ව්සින් කටයුතු කර තිබේ. ප්‍රංශ බසින් “Sang Noir” යන්නෙහි අර්ථය වන්නේ පිරිසිදු රුධිරය යන්න වේ. 


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7


Comments