ෆෙරාරි 812 සුපර්ෆාස්ට්. ෆෙරාරි සමාගමේ ඉදිරිපස එන්ජින් V12 රථය. (Ferrari 812 superfast in Sinhala).

                                                                                    


                      ෆෙරාරි සමාගම විසින් 812 සුපර්ෆාස්ට් මාදිලිය හදුන්වා දෙනු ලැබුවේ ෆෙරාරි F12 මාදිලිය පදනම් කරගෙන වේ. 2017 වසරේදී ලොවට හදුන්වා දෙනු ලැබූ මෙම 812 සුපර්ෆාස්ට් මාදිලිය අශ්වබල 800ක් නිපදවන ලීටර 6.5 V12 ඉදිරිපස එන්ජිමකින් සමන්විත වේ. මෙම රථයට 0 සිට 62mph ක වේගයක් ලබා ගැනීමට ගතවන කාලය තත්ත්පර 2.8 ලෙසට සදහන්වන අතර රථයේ උපරිම වේගය 211mphක වේගයක් වේ. මෙම රථයද පෙනුමින් මදක් ෆෙරාරි F12 රථයකට සමාන වුවත් F12 රථයට වඩා Aero dymanic පිළිබද වැඩි අවධානයක් යොමු කරමින් රථයේ පෙනුම නිර්මාණය කිරීමට ෆෙරාරි සමාගම විසින් කටයුතු කර තිබේ.

                                                         

                                                                   

       


              මෙම රථයේ ඇතුළතද අනෙකුත් බොහොමය ෆෙරාරි මාදිලි වලට සමානවන්නට  නිපදවා ඇත. සුක්කානමේ වම් පසට වන්නට රථය පණ ගැන්වීමේ සහ රථය විසන්ධි කිරීමේ බොත්තම පිහිටා තිබෙන අතර ඊට ඉහළින් සස්පෙන්ෂන්හි ක්‍රියාකාරීත්වයට අදාල බොත්තම පිහිටා තිබේ. සුක්කානමේ දකුණු පසට වන්නට ධාවන ආකාරය ‍තෝරා ගැනීමට කැරකැවිය හැකි ස්විචය අන්තර්ගතවේ. මෙම රථයේද ධාවන ආකාර ලෙස wet, sport ,  race ධාවන ආකාර තුනකින් සහ ට්‍රැක්ෂන් කන්ට්‍රෝල් විසන්ධි කිරීමේ සහ ඇබිලිටි කන්ට්‍රෝල් විසන්ධි කිරීමේ ස්විච වලින්ද සමන්විත වේ.

 

මීට අමතරව හැරවුම් ලාම්පු , ප්‍රධාන ලාම්පු වැනි දේවල ක්‍රියාකාරීත්වයට අදාල බොත්තම්ද සුක්කානමට වන්නට පිහිටා තිබේ. සුක්කානමේ ඉහළින්ම 488 රථයේ මෙන්ම ෂිෆ්ට් ලයිට් දැක ගත හැකි වේ. මෙම ෂිෆ්ට් ලයිට් රථයේ වේගය අඩු වැඩි කිරීම් අනුව දැල්වීම සහ නිවීම සිදු වේ. මෙම රථයේද රියදුරු සහ මගී අසුන් දෙක අතර බොත්තම් තුනකින් සමන්විත හැඩලයක් වැන්නක් දක්නට ලැබේ.

                                                                 


එහි R ලෙස සදහන් බොත්තමක්ද Auto ලෙස සදහන් බොත්තමක්ද PS ලෙස සදහන් බොත්තමක්ද දක්නට ලැබේ. මෙම PS ලෙස සදහන් බොත්තම පවර් ස්ටාර්ට් බොත්තම ලෙස හැදින්වේ. මෙය බුගාටි රථවල දක්නට ලැබෙන් ලොන්ච් කන්ට්‍රෝල් බොත්තමට සමාන ක්‍රියාකාරීතවයක් සිදු කරනු ලබයි. (නිශ්ච්ලතාවයේ සිට අඩු කාලයකදී වැඩි වේගයක් ලබා ගැනීම සදහා මෙය භාවිත වේ.)  මෙම රථය සැහැල්ලු කිරීම සදහා රථයේ අතුළත බොහොමයක් කොටස්ද කාබන් ෆ්යිබර් වලින් නිපදවා තිබේ.

                                                                   


මෙම මාදිලියටද මගී අසුනට මෙන්ම රියදුරු අසුන අතරට වන්නට තිරයක් අන්තරගත කර නොමැති මුත් මගී අසුනට ඉදිරි පිට අමතර තිරයක් අන්තර්ගත කර තිබීමට ෆෙරාරි සමාගම විසින් කටයුතු කර තිබේ. එමගින් රථයේ වේගය ධාවනය කරන ආකාරය වැඩි කාරුණු වෙනම දැක්වීම සිදු කරනු ලැබේ.

                                                             

                                                                 


රථයේ ඉදිරිපස ග්‍රිල් එකට අමතරව බොනට්‍ටුව මතද වා කවුළු (Air intake) 4ක් දැකගත හැකි අතර බොනට්‍ටුවේ හැඩයද වායු ගමන් මග පාලනය කරමින් රථය ස්ථාවර කර ගැනීමට මෙන්ම එන්ජිමේ උෂ්ණත්වය අවම කිරීම සදහාද යොදා ගෙන තිබේ. මෙහි එන්ජිම ඉදිරිපසින් අන්තර්ගත කර ඇති බැවින් රථයේ පි‍ටුපස භණ්ඩ ගබඩා කිරීම සදහා වැඩි ඉඩ පහසුවක් සහිතව නිර්මාණය කිරීම සදහා ෆෙරාරි සමාගම කටයුතු කර තිබේ. මෙම රථයේ 488 වැනි මාදිලිවල දක්නට ලැබුනු ෆොග් ලයිට් එක ඉවත් කර ඇති අතර එක්පසක දුම් කවුළු 2 බැගින් දුම් කවුළු හතරක් දැකගත හැකිවේ.

 

මෙම රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 300 000 (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 6 ක්) ක් පමණ් අවන අතර ෆෙරාරි සමාගම අමතරව අන්තර්ගත කරගත හැකි අංග ගණනාවක් හදුන්වා දුන් අතර ඒවා මත රථයක මිල ගණන් වෙනස් වීමද සිදුවේ. 

 

මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Comments