1 බුගාටි චිරෝන් ලෙස් ලෙජෙන්ඩ්ස් ඩු චිඑල් (Bugatti chiron les legends du ciel).
අතීතයේ සිටි විශිෂ්ඨ ගුවන්යානා ධාවකයින් මෙන්ම මෝටර් රථ ධාවකයින් වන රෝලන්ඩ් ගැරෝස්, රොබර් බෙනොල්ස්ට්, ඇල්බර්ට් ඩීවෝ වැනි බොහොමයක් දෙන බුගාටි රථ ගැන උනන්දුවක් දක්වන ලදී. වේගය සදහා ඔවුන්ගේ ඇති කැමැත්ත නිසා බුගාටි රථ ඔවුන් සමග හොදින් ගැලපුණි. බුගාටි සමාගම බුගාටි වෙයිරෝන් බ්ලැක් බ්ලෙස් (Black bless) මාදිලිය මෙන්ම චිරෝන් මාදිලිය යටතේද ගුවන්යාන ධාවකයි මෙන්ම මෝටර් රථ ධාවකයින් බුගාටි රථ පිළිබදව පැවති සම්බන්ධය පිළිබිඹු කිරීම සදහා මෙම ලෙස් ලෙජන්ඩ් ඩු චිඑල් මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම මාදිලියද බුගාටි චිරෝන් ස්පෝර්ට් මාදිලිය මත පදනම්ව නිර්මාණය කරන තිබෙන අතර මේ ඔස්සේද රථ 20ක් පමණක් නිපදවීමට බුගාටි සමාගම තීරණය කරන ලදී.
2 බුගාටි චිරොන් ස්පෝර්ට් 110 වන සංවත්සර සංස්කරණය. (Bugatti chiron 110 anniversary edition).
මෙම මාදිලි හදුන්වා දෙනු ලැබුවේ මෙහි නාමයේම සදහන් වන පරිදි බුගාටි සමාගමේ
110 වන සංවත්සරය සැමරීම වෙනුවෙන් වේ. මා විසින් ඉහත සදහන් නාමය පහසුව සදහා භාවිතා කලද මෙහි සැබෑම නාමය වන්නේ
chiron sport “110 ANS Bugatti” යන්න වේ. මෙම මාදිලිය නිර්මාණය කර තිබෙන්නේ සමාන්‍ය
චිරෝන් ස්පොර්ට් මාදිලිය මත පදනම්ව වන අතර මේ යටතේ රථ 20ක් පමණක් නිර්මාණය කිරීම බුගාටි සමාගම කටයුතු
කරන බව සදහන් වේ. එමෙන්ම බුගාටි සමාගම සදහන් කරන පරිදි එක් රථයක් නිර්මාණය කිරීම සදහා
මාස 8ක පමණ කාලයක්ද ගත වේ.
3 බුගාටි චිරෝන් ස්පොර්ට් නෝආර් සංස්කරණය.(Bugatti
chiron noire edition).
දෙවන ලෝක යුධ සමයේදී අතුරුදන් වූ ටයිප් 57
ඇට්ලෑන්ටික්
රථය බුගාටි සමාගම සතු වූඋ වටිනාම රථයකි. ඒ වෙනුවෙන් 2019
වසරේදී
හදුන්වා දුන් 1 of 1 ලා වචුවන් නෝආර් රථයද ඊට පෙර වෙයිරෝන් මාදිලිය
යටතේ හදුන්වා දුන් ජීන් බුගාටි රථයෙන් පමණක් සෑහීමකට
පත් නොවූ බුගාටි සමාගම විසින් චිරොන් මාදිලිය යටතේ Noire රථය හදුන්වා දෙන ලදී.
මෙම
මාදිලියද චිරෝන් ස්පොර්ට් මාදිලිය මත පදනම්ව නිර්මාණය කර තිබෙන අතර නෝආර් රථද 20ක් පමණක් නිර්මාණය කරන බවද සදහන් වේ.
4 බුගාටි චිරෝන් සුපර් ස්පොර්ට් 300+ සංස්කරණය.
(Bugatti chiron super sport 300+ edition).
ඉහත මාදිලි මෙන් නොව මෙම මාදිලිය නිර්මාණය කර කිරීමට බුගාටි සමාගම පදනම්
කර ගනු ලැබූවේ බුගාටි චිරෝන් සුපර් ස්පෝර්ට් මාදිලිය වේ. මෙම සුපර් ස්පෝර්ට් මාදිලි
යනු වෙයිරෝන් , චිරෝන් වැනි ප්‍රධාන මාදිලිවල උපරිම වේගය
(Top speed) පිළිබද අවධානය යොමු කරමින් නිර්මාණය කරන මාදිලිය වේ.
බුගාටි
වෙයිරෝන් සුපර් ස්පොර්ට් රථය භාවිතයෙන් එවකට ලොව වේගවත්ම මෝටර් රථය ලෙස ලෝක වාර්තාවක්
තැබූ අතර වසර කිහිපයකට පසු චිරෝන් 16.4 මාදිලිය භාවිතයෙන් 0-400-0mph
වේග
වාර්තාවක් තබන ලදී.
2019 වසරේදී චිරෝන් සුපර් ස්පොර්ට් රථයක් භාවිතයෙන් 300mph (ආසන්න වශයෙන් 482.80kmh ක් පමණ) කට වැඩි උපරිම වේග වාර්තාවක් තැබීමට
සැලසුම් කල අතර 304.77mph (490.484kmh) ක වේගය වාර්තාවක් පිහිටුවීමටද සමත්විය.
ඒබැවින්
එම වේග වාර්තාව බිද දැමීමට සමත්වූ රථයට පෙනුමින් සමාන රථ 30ක් බුගාටි සමාගම විසින් පාරිභෝගිකයින් හට
මිලදී ගැනීම අවකාශය ලබා දෙන ලදී.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment