බුගාටි චිරෝන් පියර් ස්පෝර්ට්.( චිරෝන් මාදිලිය යටතේ වැඩිදියුණු කල නව මාදිලිය.)(Bugatti chiron pur sport in sinhala).
බුගාටි සමාගම විසින් චිරොන් මාදිලිය පදනම් කරගෙන එයට වඩා වැඩි ධාවනය කිරීමේ පහසුව (Handaling) ගැන අවධානය යොමු කරමින් නිර්මාණය කරණු ලැබූ මාදිලිය ලෙස මෙම චිරෝන් පියර් ස්පෝර්ට් මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම රථය සදහා භාවිත කරනු ලබන්නේද සාමාන්‍ය චිරොන් රථයක දක්නට ලැබෙන මැද එන්ජින් (Mid engine) අශ්වබල 1500ක් නිපදවන ලීටර 6 ටර්බෝ චාජර හතරකින් සමන්විත W 16 එන්ජිමක් වේ. 0 සිට 62mph ක වේගයක් ලබා ගැනීම සදහා තත්ත්පර 2.4ක් ගතවන අතර මෙම මාදිලිය යටතේ රථ 60ක් පමණක් නිර්මාණය කරන බවද බුගාටි සමාගම විසින් සදහන් කරන ලදී.
මෙම රථයේ ඉදිරිපස කොටස සැලකූ විට බුගාරි සමාගමේ සාම්ප්‍රධායික අශ්වා ලාඩම්
හැඩති ඩ්‍රිල් එක මෙම මාදිලියේද දක්නට ලැබේ. රථයේ ඉදිරිපස ඩිෆියුසරය මෙන්ම ස්ප්ලිටරය
(Front diffuser and spliter) නිර්මාණය කිරීමට කාබන් ෆයිබර් භාවිත කර ඇති අතර
මෙහි ස්ප්ලිටරයේද කවුළු දෙකක් දැකගත හැකි වේ. මෙම රථයේ ප්‍රධාන ලාම්පු සැලකූ විට ඒවා
සාමාන්‍ය චිරෝන් රථයක මෙන්ම කොටු හැඩති බල්බ හතරකින් සමන්විත වේ.
මෙම
රථයේ ඇලෝවීල් ගැන සදහන් කිරීමේදී බුගාටි සමාගම ව්සින්
aerodynamic ගැන අවධානය යොමු කර ඒවායේ පැත්තෙන් වාතය ගමන් කිරීම සදහා සිදුරක් නිර්මාණය
කිරීමට කටයුතු කර තිබේ.
මෙම රථයේ ඇතුළත (Interior) සැලකූ විට එයද චිරෝන් රථයට සමාන වන පරිදිම
නිර්මාණය කිරීමට බුගාටි සමාගම විසින් කටයුතු කර තිබේ. කර තිබෙන නමුත් ඒ සදහා ඔවුන් කාබන් ෆයිබර්
සහ ඇල්කන්ටාරා භාවිතා කර තිබේ. කුඩා ප්‍රමාණයේ වෘත්තාකාර තිර 4ක් සහ ගියල් ලෙවලය පිහිටා තිබේ. එම තිර
මගින් සිසිලන පද්ධතිය වැනිදෑ පාලනය කිරීමටත් , රථයේ තොරතුරු දැක්වීම සදහාද නිර්මාණය කර
තිබෙන එම තොරතුරු ධාවකයාගේ අවශ්‍යතාවය මත වෙනස් කිරීමේ හැකියාවද පවතී.
(මෙම ඡායාරූපයේ දැක්වෙන්නේ සාමන්‍ය චිරෝන් රථයක ඇතුළත
වේ.)
රථයේ වේගමාපකය පිළිබද සැලකූවිට එය කොටස් තුනකින් සමන්විතවන අතර එහි වම්පසින් ඇති මීටරය රථයේ භාවිතවන අශ්වබල ප්‍රමණය දැක්වීමටත් මැදින් ඇති මීටරය මගින් රථයේ වේගය දැක්වීමටත් දකුණු පසින් ඇති කොටස රථයේ වෙනස්කිරීම් (Settings) සදහාද නිර්මාණය කර තිබේ. මෙම රථයේ පණගැන්වීමේ සහ විසන්ධි කිරීමේ බොත්තම සුක්කානමේ දකුණුපස පහතින් අන්තරගත කර තිබෙන අතර රථයේ ධාවන ආකරය තෝරා ගැනීමේ ස්විචය ඊට සමාන්තරව දක්නට ලැබෙන අතර ලොන්ඩ් කන්ට්‍රෝල් බොත්තම ඒදෙක අතරට වන්නට පිහිටා තිබේ.
රථයේ පිටුපස කොටසට අවධානය යොමු කිරීමේදී කැපීපෙනෙන අංගයක් ලෙස අනෙකුත්
චිරෝන් මාදිලිවල දක්නට නොලැබුනු ස්පොයිලරය දැක්විය හැක. අනෙකුත් චිරෝන් මාදිලිවල දක්නට
ලැබුනු ක්‍රියාකාරී ස්පොඉලරය (Active spoiler/ Active wing) ඉවත් කොට ඒ වෙනුවට ස්ථාවර ස්පොයිලරයක්
(Fixed in spoiler) බුගාටි සමාගම විසින් අන්තරගත කර තිබේ. කාබන් ෆයිබර් භාවිතයෙන් නිර්මාණය කර ඇති
මෙය රථයට සම්බන්ධ කොට තිබෙන්නේ X අක්ෂරයේ ඉහළ කොටස පිහිටන ආකරයට වේ.
ස්පොයිලරයට
පහළින් එන්ජිමේ උෂ්ණත්වය පිටකිරීම සදහා කවුළු කිහිපයක් දැක ගත හැකිවේ.
සමාන්‍ය චිරොන් රථයක පිටුපස දක්නට ලැබෙන හිස් ගතිය ස්පොයිලරයේ දක්නට
ලැබුණු X අක්ෂරයේ ඉහළ කොටසට සමානව X අක්ෂරයේ පහළ කොටස දැක්වීම මගින් නැති කර
දැමීමට බුගාටි සමාගම සම්ත්වී තිබේ. මෙම රථයේද රතු බල්බ තීරුව දක්නට ලැබෙන අතර
එය රථයේ තිරිංග සහ හැරවුම් බල්බ සමග සම්බන්ධ වන පරිදි නිර්මාණය කර තිබෙනු දැක ගත හැකි
වේ. රථයේ පිටුපස ඩිෆියුසරයද කාබන් ෆයිබර් වලින් නිපදවා ඇති අතර මෙම මාදිලිය
සදහා බුගාටි සමාගම විසින් නවතම දුම් කවුළුවක් අන්තරගත කර තිබේ.
මෙම රථයේ මිළ ගණන් සැලකූවිට රථයක මිල ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් මිලියන
3.5ත් 4ත් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 70ත් 80ත්) අතර වන බවට සදහන් වන අතර මෙම මාදිලියේ රථ 60ක් පමණක් නිර්මාණය කරන බැවින් සමාන්‍ය චිරෝන්
රථයකට වඩා අනාගතයට හොද ආයෝජනයක් විය හැක.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment