ෆෙරාරි අයිකොනා ශ්‍රේණියට අදාළව නිර්මාණය කරනු ලැබූ මාදිලි. (Ferrari iconica series car modles in sinhala).

1 ෆෙරාරි මොන්සා SP1 (Ferrari monza SP1).

                                                 



                             මෙම රථය සදහා භාවිත කර තිබෙන්නේ ලීටර 6.5 අශ්වබල 810ක් නිපදවන V12 ඉදිරිපස පිහිටි එන්ජිමකින් වේ. මෙම රථයට ඉදිරිපස වින්ඩ්ස්ක්‍රීනයක් හෝ වහළයක් ෆෙරාරි සමාගම විසින් නිශ්පාදනය නොකරන අතර සමහර පුද්ගලයින් මෙම රථය ධාවනය කරන අවස්ථාවලදී හිස් ආවරණයක් (Helmet) පැලදීමද සිදුකරයි. මෙම මාදිලියට අන්තර්ගත කර තිබෙන්නේ එක් අසුනක් පමණක් වන අතර මෙම රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 1.7ක් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 34ක් පමණ) පමණ වන බව සදහන් වේ.

 

2 ෆෙරාරි මොන්සා SP2 (Ferrari monza SP2).

                                                      


මෙම රථයද SP1 රථයම වන නමුත් මෙහි රියදුරු සහ මගී අසුන් දෙකම අන්තර්ගත කිරීමට ෆෙරාරි සමාගම විසින් කටයුතු කර තිබේ. ෆෙරාරි සමාගම විසින් මෙම SP1 සහ SP2 මාදිලි දෙකෙන්ම එකතුවක් ලෙස රථ 500ක් පමණක් නිපදවන අතර SP1 රථ ගණන සහ SP2 රථ ගණන පාරිභෝගිකයා අනුව තීරණය වේ. නමුත් එම රථ 500න් බොහොමයක් අසුන් 2ක් සහිත SP2 මාදිලියෙන් නිශ්පාදනය කරනු ඇතැයි අපට අපේක්ෂා කල හැක.

 

3 ෆෙරාරි ඩෙයිටෝනා SP3 (Ferrari Daytona SP3).

                                     


මොන්සා SP1 සහ SP2 එක්මාදිලියක් ලෙසට සැලකූ විට ෆෙරාරි අයිකොනිකා series හි දෙවන මාදිලිය ලෙසට මෙම ඩෙයිටෝනා මාදිලිය හදුන්වා දිය හැක. සීමිත මාදිලියක් ලෙසට හදුන්වා දෙනු ලැබූ මෙම මාදිලිය යටතේ රථ 599ක් පමණක් නිශ්පාදනය කරන බවට සදහන් වේ. අශ්වබල 840ක් නිපදවන ලීටර 6.5 V12 එන්ජිමකින් සමන්විත මෙම රථය නිර්මාණය කිරීමට තේමා කරගෙන තිබෙන්නේ 330 p3 සහ 330 P4 මාදිලි පදනම් කර ගෙන වේ. මෙම රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 2ක් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 40ක් පමණ) පමණ වේ.

මෙම රථ පිළිබද සම්පූර්ණ විස්තර ඉදිරියේදී සදහන් කරනු ලැබේ.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Comments