ලැම්බොගිනි සියෑන් FKP 37. ලැම්බොගිනි සමාගමේ හයිබ්‍රිඩ් හයිපර් කාරය. (Lamborghini sian FKP 37 in sinhala)
2019 වසරේදී ලැම්බොගිනි සමාගම විසින් ලොවට හදුන්වා
දෙන ලැබූ සියෑන් මාදිලිය පාරිභෝගිකයන්ට මිලදී ගත හැකි
(Production) පළමු හයිබ්‍රිඩ් මාදිලිය ලෙසට හැදින්විය හැක . ලැම්බොගිනි සමාගම විසිනි
මීට පෙර විද්‍යුත් මෝටර් රථ වන ටර්සෝ මිලෙනියෝ වැනි රථ ආකෘති
(Concept) ලෙසට පමණක් හදුන්වා දුන් අතර ඒවා මිලදී ගැනීමේ හැකියාවක් පාරිභෝගිකයින්ට
නොලැබුණි.
නමුත් සියෑන් මාදිලිය එලෙස නොවේ. ලැම්බොගිනි සමාගම 1963
ආරම්භ
කරනු ලැබූ බැවින් සියෑන් කූප් මාදිලිය යටතේ රථ 63ක් නිර්මාණය කිරීමට ලැම්බොගිනි සමාගම කටයුතු
කල අතර සියෑන් රෝඩ්ස්ටර් මාදිලිය යටතේ රථ 19 ලැම්බොගිනි සමාගම විසින් නිර්මාණය කිරීමට
තීරණය කරනු ලැබුණි. එම රථ තමාගේ අවශ්‍යතාවය පරිදි නිර්මාණය
(වර්ණ ගැන්වීම ආදිය) කර ගැනීමේ අවස්ථාව පාරිභෝගිකයාට
ලබාදීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කරන ලදී.
මෙම රථයට භාවිත කරනු ලබන්නේ ද ලීටර 6.5 V12 එන්ජිමක් වන අතර එමගින් අශ්වබල 785 ක් නිපදවනු ලැබේ. ඊට අමතරව මෙම රථයේ ඇති
විද්‍යුත් මෝටර් මගින් අමතර අශ්වබල 34ක් නිපදවනු ලැබේ. සම්පූර්ණ් අශ්වබල 819 සමන්විත මෙම රථය දැනට නිපදවනු ලැබූ වඩාත්බල සම්පන්නම
ලැම්බොගිනි මාදිලිය ලෙසට සලකනු ලැබේ.
මෙම රථයේදීද විද්‍යුත් මෝටරයක් මගින් අමතර බලයක් ලබාදුන් නමුත් සියෑන්
රථය අනෙකුත් හයිබ්‍රිඩ් හයිපර් කාර් වන මැක්ලරන් P1, ෆෙරාරි ලාෆෙරාරි, වැනි රථ වලට වඩා වෙනස් වේ.
එම රථවලට
අමතරව විදුලිය සපයා රථය අරෝපණය (Charge) කර භාවිත කල හැකි ලිතියම් අයන් බැටරි වෙනුවට
දක්නට ලැබෙන්නේ ලිතියම් අයන් සුපර් කැපෑසිටර් වේ. මෙම සුපර් කැපෑවිටර් වලට ලිතියම්
අයන් බැටරිමෙන් වැඩි ආරෝපණ ප්‍රමාණයක් රදවා තබා ගත නොහැකි නමුත් සුපර් කැපෑසිටර් වල
ආරෝපණය වීමේ වේගය (Charging speed) සහ ආරෝපණ නිකුත් කිරීමේ වේගය ඉහළ අගයක්
ගනී.එබැවින් රථය තිරිංග යොදන විට ඒ ශක්තිය භාවිතයෙන් මෙම සුපර් කැපෑසිටර් ආරෝපණය වී
නැවත ත්වරණය (Accelerate) එම ආරෝපණය භාවිතයෙන් විද්‍යුත් මෝටර භාවිතයෙන්
අමතර බලයක් ලබාදීම සිදු කෙරේ.
රථයේ ඇතුළත (interior) සැලකූ විට බොහොමයක් කොටස් කාබන් ෆයිබර් සහ ඇල්කන්ටාරා භාවිතයෙන්
නිපදවා ඇති අතර පෙනුමින් එය ඇවන්ටඩෝර් රථයකට සමාන බවක් දැකගත හැකිවේ.
මෙහි
මධ්‍ය පාලක පුවරුවේ සාමාන්‍ය පරිදි රථයේ උස වෙනස් කිරීමේ පද්ධතියේ ,
වීදුරු
පාළනය කිරීමට වැනිදේ සදහා ඇති බොත්තම් පෙල, ස්පර්ශ සංවේදී පාලක තිරයක් ,
රථයේ
ධාවන ආකාර තෝරා ගත හැකි ස්චිච මෙන්ම රථය පණගැන්වීමට,
විසන්ධි
කිරීමට ඇති පියනකින් ආවරණය වූ බොත්තමද දැකගැනීමේ හැකියාව පවතී. මෙම රථයේ ඇවන්ටඩෝර්
SVJ, ඇවන්ටඩෝර් S රථවල මෙන්
Ego ධාවන ආකාරය දක්නට නොලැබෙන අතර Starada, Sports, Corsa යන ධාවන ආකාර තුන පමණක් අන්තර්ගත කිරීමට
ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කර තිබේ.
මෙම රථයේ ප්‍රධාන ලාම්පු ලෙසට භාවිත කර
තිබෙන්නේද ටර්සෝ මිලෙනියෝ රථයේ ලාම්පුවලට හැඩයෙන් සමාන ඒවා වන අතර රථයේ තිරිංග ලාම්පු
සැලකූවිට අනෙකුත් ලැම්බොගිනි රථවල දක්නට නොලැබෙන (සියෑන් රථයට පසුව හදුන්වා දෙනු ලැබූ
නව කුන්ටාශ් රථයේ හෑර) ෂඩාස්‍රාකාර හැඩති ලාම්පු තුනකින් සමන්විත වන පරිදි නිර්මාණය
කර තිබේ. එමෙන්ම මෙම රථයේ ෂඩාස්‍රාකාර දුම් කවුළු දෙකක් දක්නට
ලැබෙන අතර ඒවා පිටුපස ඩිෆියුසරයේ මැදටවන්නට අන්තර්ගත කර තිබේ.
මෙම
ඩිෆියුසරය නිර්මාණය කිරීමට කාබන් ෆයිබර් භාවිත කර ඇති අතර එය මදක් විවෘත හැඩයකින්
දැක් වීමට ලැම්බොගිනි සමාගම විසින් කටයුතු කර තිබේ.
මෙම රථයේද ක්‍රියාකාරී ස්පොයිලරයක් (Active spoiler) දැකගත හැකි අතර එය රථයේ වේගයක් අනුව
මෙම
රථයේද ක්‍රියාකාරී ස්පොයිලරයක් දැකගත හැකි අතර එය රථයේ වේගයක් අනුව එය ක්‍රියාත්මක
වී වඩා හොද වාතෙරපුමක් ඇති කරනු ලැබේ. මෙම රථයේ එන්ජිම හා ස්පොයිලරය අතරට වන්නට කුඩා
කොටු හතරක් දැක ගත හැකිවේ. එමගින් කිසිදු පද්ධතියක් නොමැතිව එන්ජිමේ උෂ්ණත්වය යම්
මට්ටමකට පැමිණි එමකවුළු විවෘතවී නැවත එන්ජිමේ උශ්ණත්වය පහළ ගිය පසු ස්වයංක්‍රීයව වැසීම
සිදුවේ.
මෙම රථයේ මිල සැලකූවිට මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රුපියල් කෝටි 60ක් (ඇමරිකානු ඩොලර් මිලියන තුනක්) පමණ වන
අතර රෝඩ්ස්ටර් රථයක මිල කූප් රඨ්ර්‍හයක මිලට වඩා මදක් වැඩිවේ. මෙම රථයේ විශේෂත්වය සහ
සීමිත බව සැලකූවිට ඉදිරියේ මෙම රථයක වටිනාකම තවත් වැඩිවීමට අවකාශයක් පවතී යැයි සැලකිය
හැකි අතර දීර්ඝ කාලින ආයෝජනයකට මෙම රථය වැදගත් විය හැක.
මෙම රථය පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Comments
Post a Comment