මැක්ලරන් P1 මාදිලි. (Mclaren P1 Models)

                                                                            



මැක්ලරන් සමාගම විසින් තමාගේ හයිබ්‍රිඩ් හයිපර්කාරය ලෙස 2013 වසරේදී හදුන්වා දෙනු ලැබූ මැක්ලරන් P1 මාදිලියෙන් රථ 375 පසුව තවත් වැඩිදියුනු කල Mclaren P1 මාදිලි කිහිපයක් හදුන්වා දෙන ලදී. පහත දැක්වෙන්නේ ඒ මාදිලි පිළිබද සටහනක් වේ.

මැක්ලරන් P1 රථය පිළිබදව කියවන්න.

https://www.supercarwisthare.com/2021/07/mclaren-p1-2013.html

 

මැක්ලරන් P1 GTR

                                                 


මැක්ලරන් සමාගම මෙම P1 GTR මාදිලිය නිර්මාණය කරනු ලැබුවේ ධාවන තරග සදහා අවධානය යොමු කරමින් වේ. මෙම මාදිලිය යටතේ රථ 58ක් නිර්මාණය කිරීමට මැක්ලරන් සමගම විසින් කටයුතු කරනු ලැබූ අතර එම රථ සියල්ලක්ම මාර්ගයේ ධාවනයට අවසර නොමැති (Road ilegal) රථ විය. මෙම රථ හිමියන්ට ලන්සාන්ටේ සමාගම විසින් අමතර තමාගේ රථ මාර්ගයේ ධාවනයට අවසර ඇති තත්ත්වයට පත්කර ගැනීමේ අවස්ථාව ලබාදෙන ලදී.

මැක්ලරන් P1 GTR රථය පිළිබදව කියවන්න.

https://www.supercarwisthare.com/2022/01/58-p1-gtr.html

 

මැක්ලරන් P1 LM

                                              


මෙම මාදිලිය P1 GTR මාදිලියේ මාර්ගයේ ධාවනයට අවසර ඇති (Road legal) මාදිලිය වේ. මෙය නිර්මාණය කරන ලද්දේද ලන්සාන්ටේ සමාගම විසින් වන අතර ලොවටම හදුන්වා දෙනු ලැබුවේ රථ 5ක් පමණි. මෙම රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 4කට පමණ ආසන්න වේ.

 

මැක්ලරන් P1 GT

                                                   


සමාන්‍ය බුගාටි චිරොන් රථයකට වඩා චිරොන් සුපර් ස්පොර්ට් රථයක හෝ මැක්ලරන් F1 රථයකට වඩා රථයක F1 GT පි‍ටුපස වැඩි දිගකින් යුතුව නිර්මාණය කර ඇති ආකාරයටම මැක්ලරන් P1 GT සාමාන්‍ය මැක්ලරන් P1 වැඩි දිගකින් යුතුව නිර්මාණය කිරීමට මැක්ලරන් සමාගම කටයුතු කර තිබේ. බොහොමයක් මෙලෙස පි‍ටුපස වැඩි දිගකින් යුතු මැක්ලරන් රථවල නාමය lt (Long tail) යන නාමයද  භාවිත කෙරේ. මෙලෙස සාමන්‍ය රථයක් රථයක් බවට පත් කිරීමට ලන්සාන්ටේ සමාගම විසින් ආසන්න වශයෙන් ඇමරිකානු ඩොලර් 500 000 ( මෙරට බදු රහිතව රු කෝටි 10 කට) වැඩි මුදලක් අය කරන බව සදහන්වේ.

 

මැක්ලරන් P1 GTR -18

                                           


මෙම මාදිලියද ලන්සාන්ටේ සමාගමේ නිමැවුමක් වන අතර P1 GTR -18 රථ 6ක් පමණක් නිර්මාණය කල බවද සදහන් වේ. මෙම මාදිලිය මැක්ලරන් GT මාදිලිය මත පදනම්ව නිපදවා ඇති මෙම මාදිලිය සාමාන්‍ය P1 GTR රථයකට වඩා 40% වැඩි වාතෙරපුමක් (Downforce) ඇති කරන බවද සදහන් වේ.

 

මැක්ලරන් P1 HDK

                                               


මෙම රථයද මැක්ලරන් හෝ රථයක පෙනුමට සමාන වන නමුත් ලන්සාන්ටේ සමාගම විසින් මෙම මාදිලිය නිර්මාණය කිරීමට තේමා කර ගෙන තිබෙන්නේ මැක්ලරන් F1 (හෝ මැක්ලරන් F1 LM ලෙසද සැලකිය හැක.) මාදිලිය වේ. මෙම මාදිලිය යටතේ මේ වන විට රථ 2ක් නිර්මාණය කර තිබෙන අතර ඉන් එක් රථයක් ඇමරිකා එක්සත් ජනපදයේ පාරිභෝගිකයෙකු හටද වන බව සදහන් වේ. 

 

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

 

 

 

Comments