කාලයත් සමග මෝටර් රථ නිෂ්පාදන සමාගම් තමාගේ මෝටර් රථ වෙනස්ම ආකාරයකට , අනාගතයට ගැලපෙන ආකාරයකට නිර්මාණය කිරීම සදහා කටයුතු කරනු ලැබේ. වසර කිහිපයකට පෙර මෙම ඉදිරිපස වීදුරුවක් නොමැති රථ පිළිබද ආකෘති ඉදිරිපත් වූ අතර ඒවා භාවිතයෙන් ප්‍රධාන මෝටර් රථ නිෂ්පාදන සමාගම කිහිපයක් විසින් හදුන්වා දෙනු ලැබූ මාදිලි කිහිපයක් පිළිබද පහත සදහන් වේ.
1.ෆෙරාරි මොන්සා SP2 සහ SP2. (Ferrari
SP1, SP2).
ෆෙරාරි සමාගම විසින් අයිකොනිකා මාදිලිය යටතේ මෙම SP1 සහ SP2 මාදිලි දෙක හදුන්වා දෙන ලදී. මෙම මාදිලි දෙකම අශ්වබල 810 කින් නිපදවන V12 එන්ජිමකින් සමන්විත වන අතර මෙම මාදිලි දෙකේ වෙනස වන්නේ SP1 මාදිලියේ එක් අසුනක් සහ SP2 මාදිලිය අසුන් දෙකකින් සමන්විත වීම වේ.
2. මැක්ලරන් එල්වා.(Mclaren
Elva).
2019 වසරේදි මැක්ලරන් සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ
මෙම එල්වා මාදිලිය මෙතෙක් නිපදවූ මාදිලිව මාදිලිවලින් වඩාත් සැහැල්ලුම මාදිලිය ලෙසටද
සලකනු ලැබේ. අශ්වබල 815 ක් බල ගැන්වෙන ලීටර 4
ටර්බෝ
චාජර දෙකකින් සහිත V10 එන්ජිමකින් මෙම මාදිලිය සමන්විතවන වේ.
මෙම
මාදිලිය යටතේ රථ 149ක් පමණක් නිපදවීමට කටයුතු කරන බව මැක්ලරන්
සමාගම විසින් සදහන් කරන ලද අතර ඉන් සමහර රථ සදහා වින්ඩ්ශීල්ඩයක් ලබා ගැනීමේ හැකියාවද
පවතී.
3. ඇස්ටන් මාර්ටින්
V12 ස්පීඩ්ස්ටර්.(Aston
martin V12 speedster).
ඇස්ටන් මාටින් සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ මෙම රථය ලීටර 5.2 ටර්බෝ චාජර දෙකකින් සහිත V12 එන්ජිමකින් සමන්විත වේ. එමගින් අශ්වබල 700ක් පමණ බලයක් නිපදවන අතර මෙම සිපීඩ්ස්ටර් මාදිලිය යටතේ රථ 88ක් පමණක් නිපදවන බවද ඇස්ටන් මාටින් සමාගම විසින් සදහන් කරන ලදී.
4. ලැම්බොගිනි ඇවන්ටඩෝර් J.(Lamborghini aventador
J).
2012 වසරේදී ලැම්බොගිනි සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ වේ ආකෘතියක් ලෙසට මෙන්ම ලොවට එක් රථයක් ලෙසටද වේ. ලීටර 6.5 V12 එන්ජිමකින් සමන්විත වන මෙම රථය අශ්වබල 700ක් පමණ නිපදවනු ලැබේ. මෙම රථය පාරිභෝගිකයෙකු විසින් ඇමරිකානු ඩොලර් මිලියන 2ක් (මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 40ක්) පමණ මුදලක් ගෙවා මිලදී ගැනීම සදහා කටයුතු කරන ලදී.
5. ලැම්බොගිනි SC20.(Lamborghini SC18).
ලැම්බොගිනි සමාගම විසින් මෙම රථය නිර්මාණය කර ලද්දේ පාරිභෝගිකයෙකුගේ
ඉල්ලිම මත පදනම්ව බව සදහන් වේ.
ප්‍රධාන වශයෙන් ඇවන්ටඩෝර් J
සහ ඇවන්ටඩෝර්
SVJ , සියෑන් මාදිලිද තේමා කර මෙම මාදිලිය නිර්මාණය කර ගැනීම සදහා එම පාරිභෝගිකයා
කටයුතු කර තිබෙන අතර මෙම රථය සදහා භාවිත කර තිබෙන්නේ අශ්වබල
770ක බලයක් නිපදවන ලීටර 6.5
V12 එන්ජිමකින් සමන්විත වේ.
මේ පිළිබද ඔබගේ අදහස
කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Pinterest https://www.pinterest.com/supercarwisthare/
Comments
Post a Comment