බුගාටි සමාගම විසින් පළමු පාරිභෝගිකයෙකු හට නිපදවනු ලැබූ බුගාටි චෙන්ටෝඩියච්චි රථය ඔහු/ඇය වෙත පිටත්කල බව නිලවශයෙන් සදහන් කරන ලදී. 2019 වසරේදී බුගාටි සමාගම විසින් මෙම මාදිලිය යටතේ ලොවටම රථ 10ක් පමණක් නිපදවන බවත් එක් රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 9ක් (මේවන විට බදු රහිතව රුපියල් කෝටි 320ක් පමණ ) වන බවත් සදහන් කරන ලදී.
මෙම රථය අශ්වබල 1600ක් නිපදවන ටර්බෝ චාජර 4ක් සහිත W16 එන්ජිමකින් සමන්විත වන අතර මෙම මාදිලිය
නිපදවීම සදහා බුගාටි සමාගම විසින් තමාගේ පැරණි මාදිලියක් වන EB110
මාදිලිය
තේමා කරගැනීමට කටයුතු කරන ලදී. බුගාටි සමාගම මෙම මාදිලිය හදුන්වා දෙනු
ලැබූ අවස්ථවේ රථයේ ඇතුළත දැකගත නොහැකි පරිදි කළු පැහැ වීදුරු වලින් නිර්මාණය කර තිබූ
මාදිලියේ ඇතුළතද සාමාන්‍ය චිරොන් රථයේ ඇතුළතට සමාන වන පරිදිම නිර්මාණය කර තිබේ. මෙම
රථයේ හිමිකරු පිළිබද තොරතුරක් නොමැති අතර මෙම රථ 10න් එක් රථයක් ප්‍රසිද්ධ පාපන්දු ක්‍රීඩකයෙකු
වන ක්‍රිස්ටියානෝ රොනාල්ඩෝ විසින් මිලදී ගත් බව ප්‍රසිද්ධ කරුණක් වන අතර ඔහුගේ කැමැත්ත
පරිදි වර්ණ ගන්වනු ලැබූ චෙන්ටෝදියච්චි රථය ඉදිරියේදී අපට දැකගත හැකැයි අපේක්ෂා කල හැක.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
Facebook https://www.facebook.com/profile.php?id=100069833567253
Instagram https://www.instagram.com/supercarwisthare/
Twitter https://twitter.com/vonaUNEyTcmxfo7
Pinterest https://www.pinterest.com/supercarwisthare/
Comments
Post a Comment