කොනිග්සෙග් සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ තමාගේ නවතම මාදිලිය. කොනිග්සෙග් CC850.

                                                             


                                                              

                                       2022/08/19  වන දින කොනිග්සෙග් සමාගමේ නිර්මාතෘ වන ක්‍රිස්ටින් වොන් කොනිග්සෙග් විසින් කොනිග්සෙග් සමාගමේ නවතම මෝටර් රථ මාදිලිය ලෙසට cc850 රථය ලොවට හදුන්වා දෙන ලදී. කොනිග්සෙග් සමාගම විසින් මෙම රථය හදුන්වා දෙනු ලැබීමට ප්‍රධාන හේතුව වන්නේ 2002 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් CC8S රථයක් තම පළමු පාරිභෝගිකයාට අලෙවි කර වසර 20ක් සැමරීම සදහා වේ. එබැවින් මෙම රථය CC8S රථය තේමා කර ගනිමින් නිර්මාණය කිරීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කර තිබේ.

 

                                                                  



මෙම රථයේ විශේෂත්වය වන්නේ මෙම මාදිලිය සදහා කොනිග්සෙග් සමාගම විසින් manual ගියර් පද්ධතියක් භාවිත කර තිබීම වේ. කොනිග්සෙග් සමාගම සදහන් කරන පරිදි මෙම මාදිලිය ලොව බලසම්පන්නම සහ වේගවත්ම manual ගියර් පද්ධතියක් සහිත නිශ්පාදන මෝටර් රථය ලෙසටද සලකනු ලැබේ. The world most powerful and fastest manual production car යන්න කෙටි කර මෙම මාදිලිය TWMPAFMPC ලෙසටද හදුන්වාදීමට කොනිග්සෙග් සමාගම කටයුතු කරන ලදී.

 

මෙම රථය අශ්වබල 1185 නිපදවනු ලබන අතර ජීව ඉන්ධන භාවිතය මගින් එය 1385 දක්වා වැඩි කර ගත හැකිබවද කොනිග්සෙග් සමාග්මා විසින් සදහන් කරන ලදී. මෙම මාදිලියේ නාමයේ අගට 50යන්න යෙදීම සදහාද විශේෂ හේතුවක් ලෙස මෙම වසරේදී කිස්ටින් වොන් කොනිග්සෙග් 50 වැනි විය ලබන අතරම මෙම මාදිලිය යටතේ කොනිග්සෙග් සමාගම රථ 50ක් පමණක් නිපදවීමට කටයුතු කිරීම වේ.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Pinterest   https://www.pinterest.com/supercarwisthare/

 

 

 

 

Comments