කොනිග්සෙග් සමාගමේ අතීත මතක සටහන් 3 කොටස.

                                           


       

Koenigsegg agera

                                                              

                2010 වසරේදී කොනිග්සෙග් සමාගම විසින් ඇගීරා මාදිලිය ස්විස්ටර්ලන්තයේ ජිනීවා මෝටර් රථ ප්‍රදර්ශණය සදහා ඉදිරිපත් කරන ලදී. මෙම මාදිලිය සදහා කොනිග්සෙග් සමාගම විසින් මාදිලි සදහා භාවිතා කල සුපර් චාජර් දෙකකින් සමන්විත එන්ජිම වෙනුවට ටර්බෝ චාජර භාවිත කරන ලදී. ස්වීඩන් බසින් ඇගීරා යන්නෙන් ක්‍රියාව යන්න අර්ථවත් වන අතර 2010 වසර සදහා ටොප් ගියර් සගරාව (මෙයින් රූපවාහිනී වැඩසටහනක්ද ඇත.) විසින් වසරේ හයිපර් කාරය ලෙසට මෙම ඇගීරා මාදිලිය නම් කරන ලදී.

Koenigsegg agera r

                                                                     


         කොනිග්සෙග් සමාගම විසින් ඇගීරා මාදිලි හදුන්වා දී වසරකට පසු එනම් 2011 වසරේදී ඇගීරා R මාදිලිය හදුන්වාදීම සදහා කටයුතු කරන ලදී.  කොනිග්සෙග් සමාගම විසින් මෙම මාදිලිය සදහා එන්ජිම නිර්මාණය කිරීමේදී ඒ සදහා ඔක්ටෙන් මෙන්ම එතනෝල් භාවිතය පිළිබදවද අවධානය යොමු කර තීබේ. මෙම මාදිලිය සාමාන්‍ය ඔක්ටේන් 95 භාවිතය මගින් අශ්වබල 960ක්ද E85 හෝ E100 වන එතනෝල් ඉන්දන මගින් එය අශ්වබල 1140 දක්වා වැඩි කල ගත හැකි බවද කොනිග්සෙග් සමාගම විසින් සදහන් කර තිබේ. කොනිග්සෙග් සමාගම විසින් මෙම මාදිලිය භාවිතයෙන්ද ලෝක වාර්තාවක් පිහි‍ටුවීමට සමත්වන ලදී. ඒ 0 -300-0 දක්වා වේගයක් තත්ත්පර 21.19 ඇතුලත ලබා ගැනීමට සමත් වීමෙන් වේ.

Koenigsegg agera s


                     මෙම මාදිලිය පිළිබදව එතරම් කථාබහක් ඇති නොවූවත් මෙම මාදිලිය කොනිග්සෙග් සමාගම විසින් නිපදවනු ලැබූ මෙම මාදිලිය සමාන්‍ය ඉන්ධන භාවිතයෙන් අශ්වබල 1000ක් ලබාගත් පළමු රථය ලෙස සැලකේ. එමෙන්ම කොනිග්සෙග් සමාගම විසින් මෙම මාදිලිය සදහා කාබන් ෆයිබර් වීල් භාවිත කිරීමට කටයුතු කල අතර එබැවින් සමාන්‍ය ඇලෝවීලයකට වඩා ස්කන්ධය 40% අඩු කර ගැනීමට සමත්වූ බවද සදහන් වේ.

Koenigsegg agera one:1  

                                           


ජීව ඉන්ධන භාවිතය මගින් අශ්වබල 1360ක් බලයක් නිපද්වීය හැකි  ටර්බෝ චාජර දෙකකින් සමන්විත V8 එන්ජිමක් මෙම මාදිලිය සදහා භාවිත කිරීමට කොනිග්සෙග් සමාගම විසින් කටයුතු කර තිබේ. මෙම රථය සදහා 1 to one  යන නාමය ලැබී තිබෙන්නේ රථයේ අශ්වබල ගණන රථයේ ස්කන්ධයට සමානවන බැවිනි. එනම් රථයේ ස්කන්ධයද 1360kg වේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook 

Instagram  


 

Comments