(කෙටි) ෆෙරාරි සමාගම විසින් හදුන්වා දෙනු ලැබූ නවත මාදිලිය.

                                                                                


                                 මීට දින අටකට පෙර (2022/09/13) ෆෙරාරි සමාගම විසින් තමාගේ නවතම මාදිලිය ලෙස ෆෙරාරි පුරොසැන්ගුඒ (Purosangue) රථය හදුන්වා දෙන ලදී. ෆෙරාරි සමාගම විසින් තමාගේ ප්‍රතිවාදී ලැම්බොගිනි සමාගමේ උරස් මාදිලිය වෙනුවට තමාගේ SUV මාදිලිය ලෙසට මෙම මාදිලිය හදුන්වා දෙන ලදී. නමුත් ෆෙරාරි සමාගම විසින් මෙයට SUV වෙනුවට FUV (Ferrari utility vehicle) යන නාමය භාවිත කිරීමට තීරණය කර තිබේ.

                                                            


                මෙම මාදිලි කලකට පෙර ආකෘතියක් (Concept) ආකාරයට පැවති අතර මෙතැන් පටන් නිශ්පාදන කටයුතුද ආරම්භ කරනු ලැබේ. මිට පෙර ෆෙරාරි සමාගම වැනි අසුන් 4කින් සමන්විත මෝටර් රථ නිශ්පාදනය කලද මෙය දොරවල්ද 4කින් සමන්විත මාදිලියක් වේ. බොහොමයක් SUV මාදිලි සදහා ඉදිරිපස එන්ජිමක් භාවිත කර තිබුණද මෙම මාදිලිය සදහා ඉදිරිපස මැද එනම් ඉදිරිපස ඇක්සලයට පි‍ටුපසින් ලීටර 6.5 V12 එන්ජිම අන්තර් ගත කර තිබේ.

 

          මෙම මාදිලියේ බාහිර පෙනුම(exterior) ගත් කල එය අනාගතයට ගැලපෙන ආකාරයට නිර්මාණය කර තිබෙනු දැක ගතහැක. එමෙන්ම රථයේ ඇතුළත (interior) SF90 ස්ට්‍රඩාලේ මාදිලිය මෙන් පාලක සදහා බොත්තම් අවම කර ස්පර්ශ සංවේදී තිර (Touch screen) භාවිත කර modern පෙනුමක් ලබාදී තිබේ.

 

මෙම මාදිලිය ඉදිරියේදී ලැම්බොගිනි උරස් මාදිලියට තරගයක් ලබාදිය හැකි බව මගේ විශ්වාසයයි.

 

මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook 

Instagram  

Twitter

Pinterest  

 

Comments