ගෝර්ඩන් රැම්සි යනු එංගලන්ත ජාතික
සූපවේදියෙකු වේ. මොහු ලොව සිටින දක්ෂතම සූපවේදියෙකු ලෙස සලකනු ලබන අතර ආපනශාලා
ගණනාවක හිමිකරුද වේ. මීට අමතරව මොහු විසින් Hells
kitchen, Kitchen nightmare වැනි ජනප්‍රිය රූපවාහිනී වැඩසටහන් ගණනාවක්
සදහාද සම්බන්ධ විය. මොහු මෝටර් රථ සදහා වැඩි කැමැත්තක් දක්වනු ලබන
අතර ඉන් ෆෙරාරි මාදිලිය ප්‍රමුඛ ස්ථානයක් හිමිකර ගනී. පහතින් දැක්වෙන්නේ ඔහුගේ මෝටර් රථ එකතුවේ
තෝරාගත් රථ කිහිපයක් පිළිබද සටහනක් වේ.
1 මැක්ලරන් සෙනා (Mclaren
sennna)
ඔබ මීට පෙර මා ඉදිරිපත් කරනු ලැබූ මැක්ලරන්
සෙනා රථයේ විස්තරය කියවා තිබේ නම් මෙම රථය පිළිබදව ඔබ දැනුවත් ඇතැයි සිතමි.
මෙම
මාදිලියේ එන්ජිම ලෙස ලීටර හතරේ ටර්බෝ චාජර් දෙකක් සහිත v8 එන්ජිමක් භාවිත කරන අතර එමගින් 789bhpක බලයක් නිපදවයි. මැක්ලරන් සමාගම විසින් මෙම මාදිලිය ඔස්සේ නිර්මාණය
කරන ලද්දේ රථ 500ක් පමණි. ගෝර්ඩන් රැම්සි සතු වන්නේ එයිනුත් සීමිත රථ ගණනක් නිපදවනු ලැබු
කාබන් ෆයිබර් body kit යකින් සම්න්විත රථයක් වේ. එය වර්ණයෙන් ඉහත ඡායාරූපයේ
දැක්වෙන රථයට සමාන වන අතර නමුත් එය exposd carbon fiber වලින් නිර්මාණය කර තිබේ.
මැක්ලරන් සෙනා රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න.
2 මැක්ලරන් 675lt ස්පයිඩර් (Mclaren 675lt spider).
මැක්ලරන් සමාගම විසින් 675lt මාදිලිය යටතේද රථ 500ක් පමණක් නිර්මාණය කරන ලදී.
මෙහි
lt නාමය
Long Tail යන්න දැක්වීම සදහා යොදා ඇති අතර මෙම මාදිලිය මැකලරන් 650S
මාදිලියේ
Track focus මාදිලිය ලෙසටද සැලකිය හැක. මෙම මාදිලිය අශ්වබල 666කින් සමන්විත වන අතර 0
සිට
වේගයක් තත්ත්පර 2.9කින් ලබා ගැනීමේ හැකියාවද පවතී.
3 පෝර්ශේ 918 ස්පයිඩර් (Porsche
918 spider).
ගෝර්ඩන් රැම්සි සතු මෝටර් රථ එකතුවේ මිල
අධිකම මෝටර් රථයක් ලෙසට මෙම රථය හදුන්වා දිය හැක. පෝර්ශේ සමාගම විසින් තමාගේ හයිබ්‍රිඩ්
හයිපර් කාරය ලෙසින් හදුන්වා දෙනු ලැබූ මෙම රථ අශ්වබල 875ක් නිපදවන දහන එන්ජිමකින් සහ විද්‍යුත්
මෝටර 2කකින් සමන්විත වන අතර 0 සිට 100kmh ක වේගයක් තත්ත්පර 2.5කින් ලබාගැනීමේ හැතියාවද පවතී. පෝර්ශෙ සමාගම
විසින් මෙම මාදිලිය යටතේ ලොවට රථ 918ක් පමණක් නිර්මාණය කරන ලදී.
පෝර්ශේ 918 ස්පයිඩර් රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න.
4 ෆෙරාරි ලාෆෙරාරි (Ferrari
laferaari).
ෆෙරාරි සමාගම විසින් තමාගේ හයිබ්‍රිඩ් හයිපර්
කාරය ලෙස ලාෆෙරාරි මදිලිය හදුන්වා දෙනු ලැබීමට කටයුතු කරන
ලදී. අශ්වබල 950කින් සමන්විත මෙම මාදිලිය යටතේ රථ 499ක් පමණක් නිපදවිමට ෆෙරාරි සමාගම විසින්
කටයුතු කල අතර එක් රථයක මිල ඇමරිකානු ඩොලර් මිලියන 3කට පමණ ආසන්න වේ.
ෆෙරාරි ලාෆෙරාරි රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න.
5 ෆෙරාරි ලාෆෙරාරි අපර්ටා (Ferrari laferaari aperta).
ගෝර්ඩන් රැම්සි සතුව සාමාන්‍ය ලාෆෙරාරි
කූප් රථයට අමතරව ලාෆෙරාරි අපර්ටා එනම් වහළය ඉවත් කළ හැකි මාදිලියද තමාගේ මෝටර් රථ එකතුවට
එක්කරගෙන තිබේ. ෆෙරාරි සමාගම විසින් මෙම මාදිලිය ඔස්සේ රථ210ක් පමණක් නිශ්පාදනය කරනු ලැබූ අතර එක් රථයක
මිල මේවන විට ඇමරිකානු ඩොලර් මිලියන 7කට පමණ ආසන්න වේ.
6 ෆෙරාරි 488 GTB (Ferrari
488 GTB).
මොහුගේ මෝටර් රථ එකතුවේ මිලෙන් අධිකම ෆෙරාරි
මාදිලි මෙන්ම මිල අවම ආරම්භක අවස්ථාවේ ඇති 488 රථයක්ද අන්තර්ගත වේ. අශ්වබල 661කින් සමන්විත මෙම රථය 0
සිට
100ක වේගයක් ලබා ගැනීම සදහා තත්ත්පර ක පමණ කාලයක් ගත වේ.
ෆෙරාරි
සමාගම විසින් 488 ස්පයිඩර් මාදිලිය යටතේද මෝටර් රථ නිශ්පාදනය සිදු කරන ලද්දී.
ෆෙරාරි 488 GTB රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න.
7 ෆෙරාරි F12 TDF (Ferrari
F12 TDF).
2016 වසරේදී ෆෙරාරි සමාගම විසින් ඉදිපිපස එන්ජින්
සීමිත මාදිලියක් ලෙසට F12
TDF මාදිලිය හදුන්වා දෙන ලදී. අශ්වබල 780 නිපදවන V12 එන්ජිමකින් සමන්විත මෙම රථය 0
සිට
100 ක වේගයක් තත්ත්පර 2.9කින් ලබා ගත හැකි අතර මෙම මාදිලිය ඔස්සේ
රථ 799ක් පමණක් නිශ්පාදනය කිරීමට ෆෙරාරි සමාගම කටයුතු කරන ලදී.
ෆෙරාරි F12 TDF රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න.
8 ෆෙරාරි 812 Superfast (Ferrari
812 Superfast).
F12 TDF රථය මෙන්ම ඉදිරිපස එන්ජින් V12
රථයක්
වන මෙම මාදිලිය ඊට පෙර හදුන්වා දෙනු ලැබූ F12 berlinetta මාදිලිය සදහා අදේශකයක් ලෙසට සැලකිය හැක. අශ්වබ 800ක් නිපදවන ලීටර 6.5
එන්ජිමකින්
මෙම රථය සමන්විතවන අතර 0සිට 100ක වේගයක් තත්ත්පර 2.9කින් ලබා ගැනීමේ හැකියාවද පවතී.
ෆෙරාරි 488 GTB රථය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න
9 ෆෙරාරි මොන්සා SP2 (Ferrari Monza SP2).
අයිකොනිකා මාදිලිය යටතේ ෆෙරාරි සමාගම විසින්
මෙම මොන්සා රථය මොහුගේ මෝටර් රථ එකතුවේ මිල අධිකම මෝටර් රථයක් වේ. අශ්වබල 799ක් නිපදවන V12 එන්ජිමකින් සමන්විත මෙම මාදිලියේ මොන්සා
SP1 සහ
SP2 යන
වර්ග දෙකකින් මෝටර් රථ හදුන්වා දෙන ලදී. SP1 රථවල එක් අසුනක්ද
SP2 රථවල
අසුන් දෙකක්ද වන පරිදි රථ නිර්මාණය කිරීමට ෆෙරාරි සමාගම කටයුතු කල අතර එකතුවක් ලෙස
නිර්මාණය කරනු ලැබූවේ රථ 499ක් පමණි.
අයිකොනිකා කාණ්ඩය පිළිබද සම්පූර්ණ විස්තරය කියවන්න
10 BAC මොනො (BAC mono).
ඇත්ත වශයෙන්ම මෙම මෝටර් රථ නිශ්පාදන සමාගම
පිළිබද එතරම් තොරතුරු මා නොදැනුවත් අතර මෙම සමාගමද එතරම් පැරණි සමාගමක්ද නොවේ.
ඔවුන්ගේ
මෙම මොනෝ මාදිලිය එක් අසුනක් සහිත ධාවන තරග සදහා (F1 , E1 වැනි) නිර්මාණය කරන රථ වලට සමාන පෙනුමකින් යුතුව
නිර්මාණය කර තිබෙන මෙම මාදිලිය අශ්වබල 280ක් නිපදවන බව සදහන් වන අතර 0
සිට
100kmh ක වේගයක් තත්ත්පර 2.9කින් ලබා ගත හැකි බවද සදහන් වේ.
BAC සමාගම විසින් මෙම මාදිලියේ රථ 200ක් පමණ ලොව පුරා අලෙවි කිරීමට සමත්ව ඇති
බවද සදහන් වේ.
මේ පිළිබද ඔබගේ අදහස කුමක්ද? පහළින් comment කරන්න.
ජස්ටින් බීබර්ට ෆෙරාරි සමාගමෙන් තහනමක්? (Ferrari blacklisted Justin bieber?) #supercarwisthare #supercarsinsinhala#ferrari #JustinBieber https://t.co/v0uMSUhBYo pic.twitter.com/3LcZWJhXH5
— Supercar Wisthare (@vonaUNEyTcmxfo7) September 3, 2022










Comments
Post a Comment