GTA V පරිගණක ක්‍රීඩාවේ දක්නට ලැබෙන රථ කිහිපයකට අදාල සැබැ රථ.

1 . Trulfred adder =  බුගාටි වෙයිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට්/ බුගාටි වෙයිරෝන් සුපර් ස්පොර්ට්






රථයේ පෙනුමෙන්ම මෙය බුගාටි වෙයිරෝන් මාදිලියට අයත් බව සැලකිය හැක. රථයේ ඉදිරිපස ග්‍රිල් (බුගාටි රථවල මෙන් අශ්වලාඩම් හැඩති නොවූවත්) එක පි‍ටුපස එන්ජිම් ආවරණය ඒබව තහවුරු කෙරේ. මෙය ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්ට් හෝ සුපර් ස්පොර්ට් ගණයට අයත් බව පැවසීමට හේතුව ලෙස එහි දුම් කවුළු දැක්විය හැක. වෙයිරෝන් 16.4 හෝ වෙයිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් රථවල දක්නට ලැබෙන්නේ සමචතුරස්‍රාකාර හැඩති දුම් කවුළුවක් නමුත් මෙහි එය කොටස් දෙකකින් සමන්විත සිහින් කවුළුවකි.


2. Overflod Enity XF = කොනිග්සෙග් CCX




මෙහි ඇති වක්‍රාකාර ඉදිපස වීදුරුව සහ චතුරස්‍රාකාර ඉදිරිපස පෙනුම මෙය කොනිග්සෙග් රථයක් බවට පැවසීමට සාධක ලෙස දැක්විය හැක. බොහොමක් මාදිලි කිහිපයකම රථ එකම මාදිලියටම අයත්වූ රථ කිහිපයකම එක් එක් රථය සමහර  රථයකට මදක් වෙනස් වන ලක්ෂණ කිහිපයක්  (උදාහරණයක් ලෙස කොනිග්සෙග් ඇගීරා RS මාදිලියේ එකිනෙකට වෙනස් නාමයන් [koenigsegg agera RS 1], ස්පොයිලර් [Spoiler]) දැකගත හැකිවේ.


3. Pegassi Oerisis = පගානි හුවයිරා.




මෙය පිළිබවදව ඉතාමත් පැහැදිලි කිරීමේ හැකියාව පවතී. 2013 වසර වන විට හුවයිරා රෝඩ්ස්ටර් රථය නිර්මාණය කර නොමැති බැවින් මෙය හුවයිරා කූප් රථයක් බව පැහැදිලිවේ. එමෙන්ම මෙම රථයේ දක්නට ලැබෙන්නේද හුවයිරා රථයේමෙන්ම ගෝවින්ග් දොරවල් (Go wing doors) වේ.

 

4.Progen T20 =  මැක්ලරන් P1







 

මෙම රථයේ ඉදිරිපස පෙනුමින් මැක්ලරන් P1 රථයට සමාන නොවන නමුත් රථයේ පැති පෙනුම සහ පි‍ටුපස පෙනුමින් එය පැහැදිලි කර ගත පහසුවේ. මෙම රථයේ P1 රථයේමෙන් butterfly doors වෙනුවට scissors doors දක්නට ලැබෙනමුත් Progen T20 රථයේ පි‍ටුපස ස්පොයිලරයේ ක්‍රියාකාරීත්වය මැක්ලරන් P1 රථයේ ස්පොයිලරයේ ක්‍රියාකාරිත්වයට සමාන වේ.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

ඇතුළත් කරනු ලබන නව තොරතුරු දැනගැනීම සදහා ප්‍රධාන පි‍ටුවේ ඉහළින් පිහිටි ඉරි ඔස්සේ ගොස් එහි follow බොත්තම ඔබන්න.

Facebook https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram https://www.instagram.com/supercarwisthare/

 

 

 

Comments