බුගාටි රථ 4ක් සහිත හෙසී ශේඩ්ගේ මෝටර් රථ එකතුව.

 බුගාටි ඩීවෝ. (Bugatti Divo AKA Lady Bug).



 

බුගාටි සමාගම විසින් 2019 වසරේදී මාදිලිය හදුන්වා දුන් අතර ලොවටම නිපදවන ලද්දේ රථ 40ක් පමණි. එමෙන්ම මෙම මාදිලිය ලොවට හදුන්වා දීමට ප්‍රථම සියළුම රථ ගැනුම්කරුවන් විසින් මිලදී ගෙන තිබිණි. මෙම රථයේද බාහිර නිර්මාණය ඉතා විශේෂ වන අතර එය බුගාටි සමාගම විසින්ම නිර්මාණය කරන ලද්දක් වන අතර ඒ සදහා පමණක් ආසන්න වශයෙන් රු කෝටි 20ක (ඇමරිකනු ඩොලර් මිලියනයක) මිලක් නියම වූ බවද සදහන් වේ. එය අමතර මුදලක් වන අතර සාමාන්‍ය ඩීවෝ රථයක මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 100ක් (ඇමරිකානු ඩොලර් මිලියන 5ක්)  පමණ වන බව සදහන් වේ.

 

2 බුගාටි චිරොන්.  (Bugatti Chiron AKA Hell Bee).

 


මෙම චිරොන් රථය බුගාටි සමාගම විසින්ම හෙල් බී යන විශේෂ නාමයෙන් නම් කර තිබෙන අතර මෙම රථය ඇමරිකා එක්සත් ජනපදයට එවනු ලැබූ පළමු චිරොන් රථයද වේ. මේ වන විට බුගාටි චිරොන් රථයක් මිල මෙරට බදු රහිතව රු කෝටි 60ත් 80ත් (ඇමරිකානු ඩොලර් මිලියන 3ත් 4ත්) අතර අගයක් ගනී.

මෙම රථය පිළිබද සම්පූර්ණ විස්තය කියවීමට. මෙම ලින්ක් එක භාවිත කරන්න.

 

 3 බුගාටි වෙයිරෝන් ග්‍රැන්ඩ් ස්පොර්ට් විටෙස්. (Bugatti Veyron grand sport Vittes AKA Hell Bug).

 


මෙම මාදිලිය අශ්වබල 1200කින් සමන්විත වහලය ඉවත් කල හැකි (Roadster) මාදිලිය වන අතර කලක් මෙම මාදිලිය ලොව වේගවත්ම රෝඩ්ස්ටර් රථය ලෙසද සලකන ලදී. ශේක්ඩ් සතුවන මෙම රථයේ බාහිර වර්ණ ගැන්වීම විශේශ වන අතර ඒ සදහා පමණක් ආසන්න වශයෙන් රු කෝටියක (ඇමරිකානු ඩොලර් 500 000ක) මිලක් නියම වූ බව සදහන් වේ.

 

බුගාටි විෂන් ග්‍රැන්ඩ් ‍ටුරිස්මෝ. (Bugatti Vision Grand Turismo).



 

2015 වසරේදී බුගාටි සමාගම විසින් මෙම රථය නිර්මාණය කරන ලද්දේ ග්‍රැන්ඩ් ‍ටුරිස්මෝ පරිගණක ක්‍රීඩා මාලව සදහා රථයක් හදුන්වාදීමේ අරමුණ පෙරදැරිකර ගෙන වේ. මෙම රථය මෝටර් ර්ථ සංකල්පයක් ලෙසට නිපදවන ලද්දක් වන අතර මෙයට සාමාන්‍ය මාර්ගවල ධාවනය සදහාද අවසර නොමැත. මුළු ලොවටම එක් රථයක් ලෙස නිපදවා ඇති මෙහි මිල පිළිබදව පැහැදිලිව සදහන් කල නොහැකි නමුත් මෙරට බදු රහිතව  රු කෝටි 60කට (ඇමරිකානු ඩොලර් මිලියන 3කට) වඩා අධික යැයි සැලකිය හැක.

 

5 ෆෙරාරි ලාෆෙරාරි. (Ferrari LaFerrari)

 


ෆෙරාරි සමාගම විසින් තමාගේ හබ්‍රිඩ් හයිපර් කාරය ලෙස ලාෆෙරාරි මාදිලිය හදුන්වා දෙන ලදී. සීමිත මාදිලියක් ලෙසට හදුන්වා ලාෆෙරාරි මාදිලියේ රථ 499 නිශ්පාදනය කල අතර එම රථ මුලින්ම හිමිකර ගත හැකි වූයේ ෆෙරාරි සමාගම විසින් ‍තෝරාගත් ගැනුම්කරුවන්හට පමණි.

මෙම රථය පිළිබද සම්පූර්ණ විස්තය කියවීමට. මෙම ලින්ක් එක භාවිත කරන්න.

 https://supercarwisthare.blogspot.com/2021/06/ferrari-laferrari.html


 6 ලැම්බොගිනි චෙන්ටනාරියෝ රෝඩ්ස්ටර්. (Lamborghini Centenario Roadsetr).

 


ලැම්බොගිනි සාමාගම විසින් තම සමාගමේ නිර්මාතෘ වන අර්ජියෝ ලැම්බොගිනිගේ 100 වන උපන්දිනය වෙනුවෙන් ලැම්බොගිනි චෙන්ටනාරියෝ මාදිලිය හදුන්වා දෙන ලදී. මෙම චෙන්ටනාරියෝ කූප් මාදිලියෙන් රථ 20ක් සහ චෙන්ටනාරියෝ රෝඩ්ස්ටර් මාදිලියෙන් රථ 20ක් ද නිපදවන ලදී. මින් එක් ආකාරයකින් රථ 3 බැගින් බාහිර සම්පූර්ණ කාබන් ෆයිබර් වලින්  රථ 6ක් නිශ්පාදනය කරන ලදී. 

 

ඔහු සතුවන්නේ ඉන් එකක් වන කාබන් ෆයිබර් වලින් නිපදවන ලද රෝඩ්ස්ටර් ආකාරයේ රථයක් වේ. මෙලෙස රථය කාබන් ෆයිබර් වලින් නිපදවීම සදහා ආසන්න වශයෙන් රු කෝටි 5, රෝඩ්ස්ටර් ආකාරයේ රථයක් වීම සදහ තවත් ආසන්න වශයෙන් රු කෝටි 5ක් ද අය කරන ලද අතර රථයේ සම්පූර්ණ වටිනාකම මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 55ක පමණවූ බව සදහන් වේ. එමෙන්ම මෙම රථය ලබීමට සදහා එම මුදල තැන්පත් කර මාස 22ක පමණ ගතවූ බවද සදහන් වේ. 

 

7 මැක්ලරන් P1 GTR. (Mclaren P1 GTR).

 


මැක්ලරන් සමාගම විසින් P1 GTR මාදිලිය හදුන්ව දෙනු ලැබුවේ ධාවන පථවල ධාවනයට වන අතර මෙය සාමාන්‍ය මාර්ගවල ධාවනයට තහනම් වූ රථයකි. නමුත් ලංසාන්ටේ නම් සමාගම විසින් P1 GTR රථ හිමිකරුවන් හට තම රථ මාර්ගයේ ධාවනය කල හැකි ආකාරයට පත් කර ගැනීම සදහා වෙනත් පැකේජයක් හදුන්වා දෙන ලදී. මෙම P1 GTR  රථයක මිල මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 60ක් (ඇමරිකානු ඩොලර් මිලියන 3ක් ) පමණ වන අතර අමතර පැකේජය සදහා ආසන්න වශයෙන් රු කෝටි 14ක් (ඇමරිකානු ඩොලර් 700 000ක්) පමණ වැයවූ බව සදහන් වේ. මීට ප්‍රථමව ඔහු සතුව සාමාන්‍ය Mclaren p1 රථයක්ද හිමිව තිබුණි.

 

8 පගානි හුවයිරා රෝඩ්ස්ටර්. (Pagani Huayra Roadster).

 


පගානි සමාගම විසින් සීමිත මාදිලි රථයක් ලෙසට් හදුන්වා දුන් මෙම මාදිලියෙන් රථ 100ක් පමණක් නිශ්පාදනය කරන ලදී. මෙම රථද හිමිකර ගැනීමට හැකිවූයේ පගානි සමාගම විසින් ‍තෝරාගනු ලැබූ පාරිභෝගිකයින් හට පමණක් යැයි සැලකිය හැකි අතර මෙම රථයේ වටිනාකම මෙරට බදු රහිතව ආසන්න වශයෙන් රු කෝටි 60ක් (ඇමරිකානු ඩොලර් මිලියන 3ක්) යැයිද සැලකිය හැක.

මෙම රථය පිළිබද සම්පූර්ණ විස්තය කියවීමට. මෙම ලින්ක් එක භාවිත කරන්න.

https://supercarwisthare.blogspot.com/2021/07/blog-post_29.html


හෙසී ශේක්ඩ් යනු ඇමරිකාවේ කැලිෆෝනියා ප්‍රාන්තයේ ජීවත්වන ව්යාපාරිකයෙකු වේ. හෙසී ෂේක් සම නිර්මාතෘප්‍රධාන උපාය මාර්ග නිලධාරීසමාගමේ අධ්‍යක්ෂ මණ්ඩල විධායක සභාපති වශයෙන් කටයුතු කරයි. ඔහු දැනට අධ්‍යක්ෂ මණ්ඩල විධායක සභාපතිවරයා සහ ප්‍රධාන උපාය මාර්ග නිලධාරියා වශයෙන් කටයුතු කරයි.


මේ පිළිබද ඔබගේ අදහස කුමක්දපහළින් comment කරන්න.

Facebook  https://www.facebook.com/profile.php?id=100069833567253

 

Instagram   https://www.instagram.com/supercarwisthare/

 

Twitter https://twitter.com/vonaUNEyTcmxfo7

 

Pinterest   https://www.pinterest.com/supercarwisthare/

Comments